ආන්දෝලනාත්මක ලෙස රැඳවියෙක් මියයයි

ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් වැඩ කඳවුරේ රඳවා සිටි ලලිත් චමින්ද හෙට්ටිගේ නමැති රැඳවියෙකුට පහරදී ඝාතනය කර ඇති බවට ඥාතීන් චෝදනා කරයි.

කෙසේවෙතත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ සහකාර අධිකාරිවරයෙක් යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

මාතර කනංකේ කන්දේවත්ත ප්‍රදේශයේ පදිංචි ලලිත් චමින්ද හෙට්ටිගේ නමැති මෙම පුද්ගලයාට බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් නියම වන්නේ, පසුගිය වසරේ මාර්තු මාසයේදීය. 

රුපියල් 10,000ක මුදලක් සොරකම් කිරීමේ චෝදනාවකට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම දඬුවම නියම කර තිබුණි. 

පසුව ඔහු ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් වැඩ කඳවුරට යොමු කර තිබේ.

ඒ අනුව චමින්ද බැලීම සඳහා ඔහුගේ ඥාතීන් එළිමහන් කඳවුරට යන්නේ, පසුගිය දෙසැම්බර් මස 02 වැනිදාය.

තමා එළිමහන් කඳවුරේදී මුහුණ දුන් කටුක අත්දැකීම් සම්බන්ධයෙන් චමින්ද එහිදී සිය දියණියට පවසා තිබුණි.

ලලිත් චමින්දගේ දියණිය දිලානි මංජුලා,

“වැඩ වැඩියි පුතේ.. සල්ලි දෙනවනම් වැඩ අඩුවෙන් දෙන්නම් කිව්වා.”

දිලානි මංජුලාට පසුගිය 9 වැනිදා බන්ධනාගාර නිලධාරියෙකුගෙන් ඇමතුමක් ලැබී තිබුණි. 

දිලානි මංජුලා – “නිලධාරියෙක් කතා කරලා තාත්තට දීලා ආයේ රෑට ගන්නම් කිව්වා. රෑට ගන්න ඕනේ නෑනේ පවුල අවුල් යයි කියලා මට බය හිතුණා.”

පසුගිය10 වැනිදා හදිසියේම ඩිලානිට නාඳුනන අංකයකින් ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී තිබුණේ ඒ අතරතුරය.

දිලානි මංජුලා – “තාත්තා හෙමින් කතා කළේ ඇහුණේ නැහැ. ඔයාට මාව ආයේ බලන්න වෙන්නේ නැහැ දුවේ.. කිව්වා පස්සේ කට්වුණා.”

පියාගේ ඇමතුමෙන් දින තුනකට පසු ඔහු කඳවුරෙන් පළා ගොස් ඇති බවට ලැබූ ආරංචියෙන් චමින්දගේ ඥාතින් පුදුමයට පත්වී තිබුණි. 

දිලානි මංජුලා – “විවිධ හේතු කිව්වා. පස්සේ කනංකේ පොලීසියෙන් කතා කරලා කිව්වා තාත්තා මැරිලා කියලා. මම ගියා ඉස්පිරිතාලෙට. තාත්තා බල්ලෙක් වගේ මරලා දාලා තිබ්බා.”

දියණිය චෝදනා කරන්නේ තම පියා පහරදී ඝාතනය කර ඇති බවය. 

දිලානි මංජුලා – “කුඩු, සිගරට් ගේන විදිහ තාත්තා කියලා ලොකු අයට. ඒ නිසා මරලා තියෙන්නේ. මම දැක්කා තාත්තගේ යටිපතුල්වලින් ලේ ගලනවා. ඒ වගේම නිල්වෙලා. මගේ තාත්තට සාධාරණයක් කරන්න.”

49 හැවිරිදි තිදරු පියෙක් වන මියගිය ලලිත් චමින්දගේ අවසන් කටයුතු පසුගිය 18 වනදා සිදුකෙරුණු අතර, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් ලලිත් චමින්දගේ ඥාතීන්ව අද ප්‍රවෘත්ති සාකච්ඡාවකට කැඳවා තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ගල් අඟුරු කොමිසමට - පැලවත්ත කාඩර් එකෙන්නේ ඔක්කොම මෙහෙයවන්නේ..මේකත් ෂුවර් නෑ
06:15
Video thumbnail
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු
01:27
Video thumbnail
භික්ෂුවගේ ආවාසගෙට ගිහින් කට උත්තර අරන් තියෙන්නේ..නීතිඥ චානක අබේවික්‍රමගෙන් ප්‍රබල ප්‍රකාශයක්
07:29
Video thumbnail
ආණ්ඩුවේ කිසිවෙක් මහ ජනයාගේ මුදල් හොරකම් කරන්නේ නෑ..කෙනෙක් හිටියොත් ආණ්ඩුවේ ඉන්නත් බෑ
01:22
Video thumbnail
තිස්ස විතාරණ ගැන මතක් කරලා සජිත් පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි..උගත් ගුණවත් ජනතා පුත්‍රයෙක්
02:07
Video thumbnail
කථානායක ගැන ආන්දෝලනාත්මක කරුණු රැසක් එළියට ?..තොරතුරු දීලා සුජාතභාවය ඔප්පු කරන්න
07:33
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදාහරියි..අධිකරණය අසළ නොසන්සුන් ?
01:42
Video thumbnail
"හැම දේශපාලකයෙක්ම හොරෙක් නෙවෙයි" අජිත්, දිවන්ගත නන්දන ගුණතිලක ගැන කිව්ව දේ
13:30
Video thumbnail
ගංඟා ආශ්‍රිතව සිටින ජනතාව විමසිල්ලෙන් ඉන්න..ආපදා කළමණාකරනයෙන් විශේෂ දැනුම්දීමක්
03:23
Video thumbnail
පූගොඩ නගරයත් ජලයෙන් යටවෙයි..ඉණ දක්වා වතුර පිරිලා - පාර ගංඟාවක් වගේ
02:33