ආනයනික බිත්තර ලබන සතිය වනවිට දිවයින පුරා පිහිටි සියලුම බේකරි වෙත

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ බිත්තර තොග ලබන සතියේ වනවිට දිවයින පුරා පිහිටි සියලුම බේකරි සඳහා බෙදාහැරීමේ හැකියාව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසනවා.

අප කළ විමසීමක දී සභාපතිවරයා මේ බව සඳහන් කළ අතර, එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ බිත්තරයක් රුපියල් 35.00ක මුදලකට බේකරි කර්මාන්තකරුවන් අතට පත් වුවහොත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාව පවතින බවයි.

ඒ, අනුව පාන් හැර අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකිවට පවතින බවයි ඔහු සඳහන් කර සිටියේ.

මේ අතර ආනයනික බිත්තර තොග දිවයින පුරා පිහිටි බේකරිවලට ලැබීමත් සමඟ දේශීය නිෂ්පාදනය කරනු ලබන බිත්තරවල මිල ගණන් ද පහළ යනු ඇති බවයි සභාපති එන්.කේ.ජයවර්ධන වැඩිදුරටත් පවසා සිටියේ.

ඒ, අනුව මෙරට පාරිභෝගිකයන්ට ද හිඟයකින් තොරව අඩු මිලකට බිත්තරයක් මිල දී ගැනීමේ අවස්ථාව මේ මඟින් උදාවනු ඇති බව ඔහු සඳහන් කළා.

මෙරට තුළ පවතින බිත්තර හිඟයට පිළියමක් ලෙස සහ බිත්තර මිල පාලනය සඳහා ඉන්දියාවෙන් බිත්තර තොග ආනයනයට රජය පසුගිය දා තීරණය කළා.

එම තීරණයත් සමඟ ආනයනය කළ පළමු බිත්තර තොගය බේකරි වෙත බෙදාහැරීම ඊයේ (30) දින සිට ආරම්භ කරනු ලැබුවා.

බිත්තර ආනයන සඳහා රජය තීරණය කිරීමත් සමඟ එලෙස ආනයනය කරනු ලබන බිත්තර බේකරි නිෂ්පාදන සඳහා පමණක් බෙදාහරින බවයි සඳහන් කර සිටියේ.

මේ අතර මේ වනවිට වෙළඳපොළේ දේශීයව නිෂ්පාදනය කරනු ලබන බිත්තරයක මිල රුපියල් 50.00ත් 58.00ත් අතර අගයක පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30