ආනයනික බිත්තර බේකරිවලට පමණයි

මේ වනවිට රට තුළ පවතින බිත්තර හිඟය සහ අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් තාවකාලිකව බිත්තර ආනයනය කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබෙනවා.

ඒ, අනුව මෙරටට ආනයනය කරනු ලබන බිත්තර‍ බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීම කෙරෙහි අවදානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

බිත්තර ආනයනය කිරීම සහ පශු සම්පත් සංවර්ධනය සඳහා ඉදිරියේ දී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවැසූයේ ආනයනික බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් භාවිත කිරීමට අවදානය යොමුව ඇති බවයි.

ඒ, අනුව සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් වල අලෙවි කිරීමට අවසර නොදිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර බේකරිවලට ආනයනික බිත්තර භාවිත කිරීම සම්බන්ධව මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන ලෙස අමාත්‍යවරයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් ලබා දී තිබෙනවා.

ආනයනික බිත්තර බේකරිවල භාවිත කරන අවස්ථාවේ දී අත් ආවරණ යොදා ගැනීමටත්, බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීම කළ යුතු අතර, ඉතිරි වන බිත්තර කටු පරිසරයට මුදා නොහැරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දී තිබෙනවා.

කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48