spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආනයනික පළමු බිත්තර තොගය සඳුදා

ආනයනය කරන ලද පළමු බිත්තර තොගය සඳුදා (27) දිවයිනට පැමිණීමට නියමිත බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව මගින් පළමු බිත්තර තොගය ආනයනය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා පැවසුවේ පළමු බිත්තර තොගයේ කොටසක් ලෙස ඉන්දියාවෙන් බිත්තර මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇති බවයි.

මේ අතර බිත්තර ආනයනයේදී පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

බිත්තරයක් ආනයනය කිරීමේදී පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශ්‍රී ලංකා රාජ්‍ය වෙළෙඳ සංස්ථාව විසින් පෙබරවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 1 දක්වා අඩු කළා.

එම බදු සංශෝධනය මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන බවයි වෙළඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?