ආනයනික ගල් අඟුරුවල ප්‍රමිතිය ගැන පාර්ලිමේන්තු කාරක සභාවක් සොයයි

විදුලිබල නිෂ්පාදනය සඳහා ආනයනය කරනු ලබන ගල් අඟුරු පිළිබඳව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී කරුණු විමසා බලා තිබෙනවා.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්ගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙදින කාරක සභා රැස්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ නිලධාරීන් කැඳවා තිබුණා.

එහිදී කාරක සභාව විසින් ගල් අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු පැහැදිළි කරගැනීමක් සිදුකර ගත් අතර අවසන්වරට ගල් අඟුරු ආනයනය සිදුකරීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා කරුණු පැහැදිලි කරගනු ලැබුවා.

එහිදී අවසන් වරට මෙරටට ආනයනය කරන ලද ගල් අඟුරුවල ප්‍රමිතියේ ගැටලුවක් මතුව ඇත්දැයි කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටියා.

දිවයිනට පැමිණි ගල් අඟුරු නෞකා තුනක සාම්පල තත්ත්ව පරීක්ෂා කිරීම සඳහා ඉන්දියාව වෙත යොමුකර ඇති අතර, එම වාර්තා පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදිය හැකි බව නිලධාරීන් කාරක සභාවට දැන්වුවා.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කාරක සභාවේ දී කරුණු සාකච්ඡා කෙරුණු අතර මෙම ගල් අඟුරු තොග ආනයනය කිරීමට අදාළ ක්‍රියාවලිය සම්බන්ධව කටයුතු කළ සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ හිටපු සභාපතිවරයා ඊලග රැස්වීමේදී කාරක සභාව හමුවට කැඳවන බව මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවා.

එමෙන්ම එම රැස්වීම් දිනයේදී දිවයිනට පැමිණි ගල් අඟුරු නෞකා තුනෙහි ප්‍රමිති වාර්තා සහ අවසන් වරට පැමිණි නෞකාවේ ගල් අඟුරුවල තත්ත්වය සමබන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදුකළ රසායනාගාර වාර්තා ද කාරක සභාවට යොමු කරන ලෙසට ද කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14