ආනයනික කිරිපිටි මිල වැඩි කළ හේතුව ඇමති නලින් කියයි (වීඩියෝ)

කිරිපිටි ආනයනය අධෛර්යමත් කර දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීම සඳහා ආනයනික කිරිපිටි වෙනුවෙන් අධික බදු පැනවූ බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.