ආධාර රැගත් ට්‍රක් රථ පෙළක් ගාසා තීරයට ඇතුළු වෙයි (ඡායාරූප)

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය ආරම්භ වූ පසු පළමු වරට ආධාර රැගත් ට්‍රක් රථ ගාසා තීරයට ඇතුළු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊජිප්තුවේ සිට රෆා දේශසීමා හරහා මෙම ආධාර රැගත් ට්‍රක් රථ ගාසා තීරයට ඇතුළු වූ බවයි.

එක්සත් ජනපදය, ඊශ්‍රායලය, ඊජිප්තුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධව සිදුකළ තීව්‍ර සාකච්ඡාවලින් පසුව, ඊජිප්තුව සහ ගාසා තීරය අතර රෆා හරස් මාර්ගය ඔස්සේ ආධාර රැගත් ට්‍රක් රථ 20 කට ගාසා තීරයට ඇතුළුවීමට මෙලෙස ඉඩ දී තිබෙනවා.

මෙම ආධාර යටතට වෛද්‍ය සැපයුම් ද ඇතුළත්වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩ්නොම් ගේබ්‍රියාසිස් සඳහන් කළේ ගාසා තීරයට යවන වෛද්‍ය සැපයුම්වල කම්පන සහ නිදන්ගත රෝග සඳහා ඖෂධ සහ මූලික අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළත් බවයි.

මේ අතර මෙම බෙදාහැරීම ගාසා තීරයේ ජනතාවට ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් සැපයීමේ තිරසාර ප්‍රයත්නයක ආරම්භය වනු ඇතැයි විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සහ හදිසි සහන ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් පැවසුවා.

206fe4ce 8884 43fb a03a d24f1d7f0593
4661ab9c fc94 41e8 b060 e37bbe658ebf 1
29a75ead 386c 4cfd 908f 0c0ebc4eb759 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12