spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආධාර යටතේ ලැබුන සහල් බෙදා දෙන්නත් මුදල් අය කරලා

ඉන්දිය ආධාර යටතේ ලැබුන සහල් හැටන් ප්‍රදේශයේ සමුර්ධිලාභින්ට ලබා දිමේදි ලොරි ගාස්තු බව පවසමින් එක් අයකුගෙන් රුපියල් සියයක් ලබා ගැනිම දැඩි අසාධාරනයක් බව බොහෝ පිරිසක් පවසනවා.එම පිරිස් පවසනුයේ ඉන්දිය රජය මගින් අඩු ආදායම්ලාභින් සදහා ලබාදිමට ලබා දුන් සහාල් තමන්ට ලබා දිම සදහා හැටන් සමුර්ධි කාර්යාලයේ නිලධාරින් තමන්ගෙන් රුපියල් සියයක් ලබා ගත් බවත්ය.

මෙසේ ලබා ගන්නා මුදලට කිසිදු රිසිට් පතක් ලබා නොදුන් බවත් මේ ගැන විමසිමේදි හැටන් දුම්රිය ස්ථානයේ සිට සමුර්ධි කාර්යාලයට සහාල් රැගෙන ඒම සදහා ලොරි රථයට ලබා දිමට මෙම මුදල් අය කිරිම සිදු කරන බව ඔවුන් පැවසු බවත්ය.

හැටන් දුම්රිය ස්ථානයේ සිට හැටන් සමුර්ධි මධ්‍යස්ථානය වෙත ලොරි රථයක් ගමන් ගාස්තු ලෙස රුපියල් 1500ක් ගන්නා බවත් උපරිම එකි ලොරි ගාස්තුව රුපියල් 2000ක් වන බවත් එවන් තත්වයන් මත දැඩි ආර්ථික ප්‍රශ්ණ හමුවේ ජිවත් වන තමන්ගෙන් ප්‍රවාහන ගාස්තු ලෙස එක් අයකුගෙන් මෙසේ රුපියල් සියයක් ලබා ගැනිම දැඩි අසාධාරනයක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසන ලදි.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු අඹගමුව ප්‍රාදේශීය ලේකම් රුවනි සිතාරා ගමගේ මහත්මිය පවසන ලද්දේ සහාල් අදාල ස්ථාන වෙත ප්‍රවානහය කිරිම සදහා ප්‍රතිපාදන වෙන් කර නොමැති බැවින් යම් මුදලක් අයකර ගැනිමට අවස්ථාව දුන් බවත්ය.එහෙත් හැටන් සමුර්ධි මධ්‍යස්ථානය වෙත ලොරි කුලිය 1500ක්ද 2000ක්ද යන්න තමන් නොදන්නා බවත් එම තත්වයන් පිලිබදව කඩිනමින් සොයා බැලිමට පියවර ගන්නා බවද රුවන් සිතාරා ගමගේ මහත්මිය වැඩි දුරටත් පවසන ලදි.

එහෙත් හැටන් සමුර්ධි මධ්‍යස්ථානය වෙත ලොරි කුලිය 1500ක්ද 2000ක්ද යන්න තමන් නොදන්නා බවත් එම තත්වයන් පිලිබදව කඩිනමින් සොයා බැලිමට පියවර ගන්නා බවද රුවන් සිතාරා ගමගේ මහත්මිය වැඩි දුරටත් පවසන ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?