මෙරට කොවිඩ් වසංගතය දැන් ජනතා පොකුරක් බවට පත්වී තිබේ. මේ සිදුවන ආකාරයට රෝගීන් මියයාම දිගටම සිදුවුවහොත් ඔවුන්ගේ මෘත ශරීර පිළිස්සීම සඳහා කොළඹ කනත්ත මදි වී රටේ පවතින පාන් පෝරණු භාවිත කිරීමට සිදුවිය හැකි බව රාජ්‍ය ෙස්වා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.
කොවිඩ් වසංගතය මර්දනය ගැන ආණ්ඩුව හා වෙනත් බලධරයන් විසින් සිදු කරන මාධ්‍ය සංදර්ශන වහා නැවැත්විය යුතු බවද නිසි වේලාවට රට නොවසා දැන් රට වසා දැමීම ගැන කතා කිරීම නිශ්ඵල ක්‍රියාවක් බවද උන්වහන්සේ වැඩිදුරටත් කීහ.
එම නිසා දැනට රටේ කෙරෙන සංවර්ධන කටයුතු පවා වහා නතර කොට කොවිඩ් මර්දනය සඳහා රටත් ජනතාවත් සූදානම් විය යුතු යැයිද මුරුත්තෙට්ටුවේ හිමියෝ අවධාරණය කළහ. මේ අවස්ථාවේ ගුරු විදුහල්පතිවරුන් කරන උද්ඝෝෂණය එක ආණ්ඩුවක් විසින් බාරගත යුතු ප්‍රශ්නයක් නොව පැවති සෑම රජයක්ම එහි වගකීම බාරගත යුතුව ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.
කෙසේ වෙතත් මේ අවස්ථාව උද්ඝෝෂණය කළ හැකි අවස්ථාවක් නොවේ. දේශපාලන පක්ෂ තර කර ගැනීම සඳහා කෙරෙන උද්ඝෝෂණද නතර කර කොවිඩ් නිසා බියට පත්වී සිටින ජනතාව සුවපත් කිරීම සැමගේ ප්‍රමුඛ වගකීම විය යුතු බව මුරැත්තෙට්ටුවේ නාහිමියෝ පැවසූහ.
සංජීවිකා සමරතුංග
දේශය














මෙවැනි පැවිද්දන් චීවරදාරින් මම දකින්නේ . යක්කු මෙනි , පැවිද්දන් කල යුත්තේ ජනතාවට බුදු දහම පැහැදිලි කරමින් ජනතාව බෞදාගමට ගැනීමත් . නිර්මල බෞද දර්මය දෙෂනා කිරීමත් , එහෙත් අද බහුතර පැවිද්දන් චීවරදාරින් කරන්නෙ බුදු දහම වෙනුවට දේෂපාලනය කිරීමත් , එමගින් තම සුඛ විහරනය පවත්වා ගැනීමට කටයුතු කිරීමත්ය ; තමා බලා පොරොත්තු වන දෙවල් රජයෙන් නොලෙබුනොත් රජයට අවලාද නැගීමත් , එවා රජයෙන් ලැබුනොත් රජයට කඩේ යෑමත් පමනි , අද වන විට බෞදයන් වෙන ආගම් වලට යන්නෙ මේ නිසාය , මෙ චීවර දාරින්ට සිටින බෞදයන් පවා රැක ගන්නට බැරිය , තව නොබෝ කලකින් ලන්කාව සිවුරු දමා ගත සොරුන් මැරයන්ගෙන් කුඩ්ඩන්ගෙන් ස්ත්‍රී දූශකයන්ගෙන් පිරුන රටක් වනවා නොඅනුමානය