ආදාහනය කරමින් තිබූ දේහයක් පශ්චාත් මරණ පරීක්ෂණයකට රැගෙන යයි

ආදාහනය කරමින් තිබූ සිරුරක් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වතුපිටිවල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීමේ සිදුවීමක් වාර්තා වනවා.

මීරිගම ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක සිටි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවකගේ දේහයක් සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇතැයි සඳහන්.

නියුමෝනියාව වැළඳීමෙන් ඇය මියගොස් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව දේහය ආදාහනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඇය වැඩිහිටි නිවාසයේ සිටියදී රෝගාතුර වීම හේතුවෙන් මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී නියුමෝනියාව වැළඳීමෙන් මියගොස් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇති බවයි.

ඇයගේ මරණය සම්බන්ධයෙන් භාරකරුවන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීමත් සමඟම මීරිගම ආදාහනාගාරයේදී දේහය ආදාහනය කිරීමටයි වැඩිහිටි නිවාසයේ බලධාරීන් කටයුතු කර ඇත්තේ.

මේ අතර මියගිය කාන්තාවගේ ඥාතියෙකු විසින් ගම්පහ කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කළ පැමිණිල්ලකට අනුව මීරිගම පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳ සැකයක් පවතින බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව හදිසි මරණ පරීක්‍ෂකවරයා සමඟ පොලිස් කණ්ඩායමක් ආදාහනාගාරය වෙත කැඳවා ආදාහනය කරමින් තිබූ දේහය ඉවත් කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වතුපිටිවල රෝහල වෙත යොමු කරනු ලැබුවා. මීරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03