spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආදාහනය කරමින් තිබූ දේහයක් පශ්චාත් මරණ පරීක්ෂණයකට රැගෙන යයි

ආදාහනය කරමින් තිබූ සිරුරක් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වතුපිටිවල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීමේ සිදුවීමක් වාර්තා වනවා.

මීරිගම ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක සිටි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවකගේ දේහයක් සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇතැයි සඳහන්.

නියුමෝනියාව වැළඳීමෙන් ඇය මියගොස් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව දේහය ආදාහනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඇය වැඩිහිටි නිවාසයේ සිටියදී රෝගාතුර වීම හේතුවෙන් මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී නියුමෝනියාව වැළඳීමෙන් මියගොස් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇති බවයි.

ඇයගේ මරණය සම්බන්ධයෙන් භාරකරුවන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීමත් සමඟම මීරිගම ආදාහනාගාරයේදී දේහය ආදාහනය කිරීමටයි වැඩිහිටි නිවාසයේ බලධාරීන් කටයුතු කර ඇත්තේ.

මේ අතර මියගිය කාන්තාවගේ ඥාතියෙකු විසින් ගම්පහ කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කළ පැමිණිල්ලකට අනුව මීරිගම පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳ සැකයක් පවතින බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව හදිසි මරණ පරීක්‍ෂකවරයා සමඟ පොලිස් කණ්ඩායමක් ආදාහනාගාරය වෙත කැඳවා ආදාහනය කරමින් තිබූ දේහය ඉවත් කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වතුපිටිවල රෝහල වෙත යොමු කරනු ලැබුවා. මීරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
4
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?