ආදායම වැඩි කරගන්න සුරාබදු දෙපාර්තමේන්තුවෙන් සැලසුමක්

දිවයින පුරා ක්‍රියාත්මක වන සුරාබදු බලපත්‍ර ක්‍රමය සංශෝදනය කිරීමේ කටයුතු මේ දිනවල සිදු වන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ සුරාබදු බලපත්‍රවල අක්‍රමික පිහිටීම හමුවේ නගරාසන්න ප්‍රදේශවල විශාල බලපත්‍ර ප්‍රමාණයක් ක්‍රියාත්මකව පැවතීම මෙන්ම ඇතැම් දිස්ත්‍රික්කවල කිලෝමීටර් 30 – 40 දුරින් සුරා සැල් ස්ථාපිතව පැවතීම හේතුවෙන් එම අවිධිමත්භාවය ඉවත් කිරීමට ප්‍රධාන වශයෙන්ම මෙම කටයුතු සිදු කරන බවයි.

සංචාරක පහසුකම් සපයන ස්ථානවලට බලපත්‍ර ලබාදීම වේගවත් කිරීමක් සිදු වන බව ද ඔහු ප්‍රකාශ කළා.

සුරා නිෂ්පාදන බලපත්‍ර ඇතුළුව විශාල ඉල්ලුමක් ඇති බලපත්‍රවල ගාස්තුව ඉහළ නැංවීම තුළින් ආදායම වැඩි කර ගැනීමට බලාපොරොත්තු වන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

නව බලපත්‍ර සඳහා ඇති ඉල්ලුම සලකා බලා නව බලපත්‍ර ලාභීන්ට එක්වරක් ගෙවිය යුතු විශාල ගාස්තුවක් අය කිරීමක් ද සිදු කිරීමට නියමිතයි.

සුරා බදු බලපත්‍රය අලුත් කිරීමේ ගාස්තු ගාස්තුව ඉහළ දැමීමක් සිදු වන අතර දෙපාර්තමේන්තුවේ උත්සහය වන්නේ 2024 වසර ආරම්භය වන විට නව සංශෝධන ක්‍රියාත්මක කිරීම සඳහායි.

මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ මෙම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉතා ඉක්මනින් අනුමත කරගැනීමට බලාපොරොත්තු වන බවයි.

සංචාරක මණ්ඩලය අනුමැතිය ලද මහජන විරෝධතා නොමැති ස්ථානවලට බලපත්‍ර ලබාදීමට සූදානම් අතර කරුණු සොයා බැලීමෙන් අනතුරුව සංචාරක කලාපවල බලපත්‍රලාභී සුරාසැල් විවෘත කර තබන වේලාවන් දීර්ඝ කිරීමට ද යෝජනා කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

වැරදි කරන බලපත්‍රලාභීන් වෙනුවෙන් නිකුත් කරන දඩ මුදල් ඉහළ දමා තිබෙනවා.

මත්පැන් භාවිතය අඩු වීම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව බලන විට රජයට ලැබෙන ආදායම අඩු වීමක් සිදුව ඇති අතර අපේක්ෂිත ආදායම බිලියන 217ක් වුව ද වසර අවසානයේ බිලියන 180ත් 185ත් අතර ප්‍රමාණයකට පහළ වැටෙනු ඇති බවට අපේක්ෂිතයි. දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ආදායමින් 20%ක් අහිමි වී ඇති බව ද සුරා බදු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙනවා.

මත්පැන් මිල වැඩිවීම හේතුවෙන් විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ජනතාව වැඩිපුර ඇදී යාමක් සිදු වී ඇති අතර සමාජයේ විවිධ තලවල පුද්ගලයන් නීති විරෝධි මත්පැන් නිෂ්පාදනයට පෙළඹී ඇති බවට ද පෙනී යන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23