ආදායම් බදු ලබා ගන්නේ ශ්‍රම බලකායෙන් 2.6%කින් පමණයි – මුදල් රාජ්‍ය ඇමති

අර්බුදකාරී මොහොතේ සියලු දෙනා ම අඩු වැඩි වශයෙන් ආර්ථික පීඩනය දරා ගත යුතු අතර කල්පනාකාරීව වගකීමෙන් කටයුතු කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ උපයන විට බද්ද මගින් බදු ලබා ගන්නේ මෙරට ශ්‍රම බලකායෙන් 2.6%ක පිරිසකගෙන් පමණක් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ දෙදින විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා අද මේ බව කියා සිටියා.

මෙරට ශ්‍රම බලකාය 4,645,572ක් වන අතර ඉන් 48%ක් හෙවත් 2,231,620ක් ලබා ගන්නේ රුපියල් 30,000කට අඩු මාසික වැටුපක් බව ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රම බලකායෙන් රුපියල් ලක්ෂයට වඩා ඉහළ ආදායමක් ලබා ගන්නේ, එසේත් නැතිනම් උපයන විට බද්දට යටත් වන්නේ පුද්ගලයන් 120,925ක් හෙවත් 2.6%ක්.

2023 වසරේ දී රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 3,615ක් වන අතර වියදම රුපියල් 5,419ක්.

ජනවාරි මස ආදායම් සහ වියදම අතර වෙනස 350%ක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

තත්ත්වය එසේ වුව ද මුදල් මුද්‍රණය කළ නොහැකි අතර විදේශ ණය ලබා ගැනීමට ද හැකියාවක් නැහැ.

දේශීය බැංකුවලින් ලබා ගත හැකි ණය උපරිම සීමාවට පැමිණ ඇති බවත් සොරකම් කළ මුදල් යළි ලබා ගැනීම වැනි දෑ මේ පවතින අර්බුදයට පිළිතුරු නොවන බවත් රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

සියල්ල මෙසේ පවතිද්දී රටේ ලක්ෂ 58ක් වූ පවුල් සංඛ්‍යාවෙන් පවුල් 3,911,757ක් ජීවත් වන්නට රජයෙන් ආධාර අපේක්ෂා කරන අතර මේ අවස්ථාවේ දී සියලු දෙනා ඉදිරියේ අඩු වැඩි වශයෙන් වගකීම් පැවරී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එබැවින් අඩු වැඩි වශයෙන් පීඩනය දරා ගත යුතු ව ඇති අතර වගකීමෙන් කල්පනා කළ යුතු කාලය එළඹ ඇතැයි ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28