“ආදරේ ගැන මට අත්දැකීමක් තිබිලම නැහැ.” – ක්‍රීඩාව නිසා රංගනයට ආ සුන්දරිය

පාසල් බිමේ සිට ක්‍රීඩාවට පෙම්බඳින ප්‍රවීනාට පුංචි තිරයේ පෙම්වතියක් වන්නට අවස්ථාව උදාවුණා. ඒ පසුගියදා නිමාව දුටු චලෝ නාට්‍යයෙන්. චලෝහි ප්‍රවීනාගේ භූමිකාව හංසි, ඒ වගේම හංසිගේ හිත නැවතුණ ආදරය තිබ්බෙ බුල්ටො ගාව.

ඉතාමත් ආදරණීය ප්‍රතිචාර ලබමින් විකාශය වූ චලෝ නිමාවට පත්වුණේ, පාපන්දු ක්‍රීඩිකාවක් ලෙසින් ක්‍රීඩාවේ ඉදිරියට යන ප්‍රවීනා පුංචි තිරයේ ආදරණිය රංගන ශිල්පිනියක් කරමින්. ඇය ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට ලියවී තිබුණා.

නම – ප්‍රවීනා මධුකි පෙරේරා

ගම – වැලිවේරිය

පාසල – මුල්ම පාසල වූයේ මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය, වැලිවේරිය ඉන්පසු සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ හැදෑරුවේ සා.පාවුලු බාලිකා විද්‍යාලය, වරාගොඩ, කැලණිය

පවුලේ විස්තර – මට ඉන්නේ අම්මයි මල්ලියි

ප්‍රවීනා ප්‍රේක්ෂකයන් අතරට එන්නෙ චලෝ නාට්‍යයෙන්, දැන් චලෝ විකාශය වෙලා අවසන් කොහොමද හංසි කියන චරිතය ලැබුණේ ලැබුණු ප්‍රතිචාර කොහොමද?
මම චලෝ නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් බහුතර දෙනෙක් දැන හිටියෙ පාපන්දු ක්‍රීඩිකාවක් කියලා, නමුත් චලෝ නාට්‍යයේ හංසි කියන චරිතයෙන් ගොඩක් ප්‍රෙක්ෂකයන් අතරට යන්න මට පුළුවන් වුණා.

අද වෙද්දි සෑහෙන දෙනෙක් මට ආදරෙයි, පාරෙදි දැක්කත් ටක්ගාලා අඳුරගන්නවා චලෝ එකෙ හංසිනෙ කියලා, ඉතින් මට මගේ පළමු රංගනයට ම ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා.

හිතුවද ඒ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා..?

මම පොඩි කාලේ ඉඳන්ම කැමති දෙයක් කරනව නම් ඒකේ ප්‍රතිඵල එනවට. මොක්ද මං ඒ කරන වැඩේට මහන්සි වෙනවා සහ කරන වැඩේ සාර්ථකව කරන්න උත්සාහ කරනවා, ඉතින් මං හිතනවා මගේ පාපන්දු ජීවිතය ඇතුළත වගේම මගේ රංගනයටත් සාදාරණයක් කරන්න ඇති කියලා, ප්‍රේක්ෂකයන්ගෙ ප්‍රතිචාර වලින් මට දැනෙනවා මං ඒ චරිතයට සාධාරණයක් කරලා තියෙනවා කියන එක, හැබැයි මං හිතුවටත් වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර මට ලැබුණා.

හංසිගෙ චරිතය ඇතුළෙ තියෙන පාපන්දු ක්‍රීඩිකාව, ඔබට අලුත් භුමිකාවක් නෙවෙයි, නමුත් කැමරාවක් ඉදිරියේ චරිතය මවද්දි අභියෝගයක් වුණු තැන් ඇති ?
මට ලොකු අහියෝගයක්, මොකද මං කිසිම දවසක හිතුවෙ නැහැ; පාපන්දු ක්‍රීඩා කරලා රංගනයට මට දායක වෙන්න පුළුවන් වෙයි කියලා, මොකද පාපන්දු කියන්නෙ එකක්; රංගනය කියන්නෙ තවත් එකක්. මේ දෙක හාත්පසින් ම වෙනස්. නමුත් මං කැමති අහියෝගවලට හොඳින් මුහුණ දෙන්න, මුල්දිනවලදි මට පොඩි පොඩි අපහසුතාවට පත් වුණත්, ටික දවසක් යන කොට මං එකට හුරු වුණා. මට එතනදි ඒ අභියෝගේ ජයගන්න චලෝ අධ්‍යක්ෂ හසුන් අයියා සහ ප්‍රවීණ රංගන ශිල්පි ශලනි අක්කා සෑහෙන්න උදව් වුණා.

පාසල් කාලේ පටන්නේ ක්‍රීඩාවට ඔබ දක්ෂ, හිතුවද ඒ ක්‍රීඩා හැකියාවම රංගනයට දොරගුළු අරියි කියලා
මං කිසිම දවසක හිතලා නැහැ සහ හිතිලා නැහැ මට මේ වගේ ලොකු අවස්ථාවක් හම්බ වෙයි කියලා, මෙතන තියෙන විශේෂම දේ තමයි චලෝ නාට්‍යයත් පාපන්දු ක්‍රීඩාව වටා ගෙතුණු කතාවක් වීම. මට ඒක තවත් ලේසි වුණා.

මේ වෙද්දි තව අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා ද තියෙන්නේ. ?
ආරාධනා කිහිපයක් ආවා, නමුත් මගේ මූලිකත්වය ක්‍රීඩාව නිසා ඒ දෙවල්වලට සහභාගි වෙන්න බැරි වුණා, මොකද කොවිඩ් නිසා අවුරුදු 2කින් තමයි පුහුණුවීම් පටන් ගත්තේ, ඉස්සරහට තරගාවලි කිහිපයක් තියෙන නිසා එතනට මූලිකත්වය දෙන්න හිතුවා.

සැබැවින්ම ඔබ රුවති යුවතියක්, දිගටම ලැබෙන කාලයත් එක්ක ඔබ රංගනයේ නියැළෙන්නද බලාපොරොත්තුව
දිගටම රංගනයෙ යෙදෙයිද කියන එක මමවත් තවම හිතලා නැහැ. නමුත් හොඳ නිර්මාණවලට අවස්ථාවක් ආවොත් මගේ පුහුණුවීම්වලට බාධා නොවෙන විදියට ඒ වැඩ කරන් යනවා.

ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?
මගේ අම්මා තමයි මගෙ පස්සෙන්ම ඉන්නෙ, මගේ තාත්තා නම් නැති වෙලා දැනට අවුරුදු 3ක් වෙනවා.

ඉතින් අම්මා තමයි තාත්තා කියන භූමිකාවෙත් ඉන්නෙ. මගේ අම්මා පුළුවන් හැම වෙලේම හැමදේකදිම පිටුපසින් ඉදන් උදව් කරනවා.

චලෝ අවසන් වුණත් එ ඇති වුණු මිත්‍රත්වය තවම තියෙනවා ද?
ඒ මිත්‍රත්වය ගැන මෙහෙම කියන්න හරි අමාරුයි. මම අදටත් ආසයි, ආයෙම ඒ දවස්වලටම යන්න තිබුණ නම් කියලා හිතෙනවා.

ආදරේ ඔබට අලුත්ම අත්දැකීමක් වුණා කියලා ඔබ මුහුණ පොතට එක් කරලා තිබ්බා, මුලින්ම කැමරාවක් ඉදිරියේ ආදරේ කරන්න වීම ගැන මොකද හිතෙන්නෙ

මුලින්ම කැමරාවක් ඉදිරියේ ආදරය කරන්න වුණ එක තමයි මට ලැබුණු ලොකුම අභියෝගය. ගැහැනු ළමයෙක් පිරිමි ළමයකුට මුලින් ආදරෙයි කියලා කියන්නෙ හරිම කලාතුරකින් නේ.

මට එතනදි තිබුණේ මගේ partner බුල්ටෝට ආදරය කරන්න. ඒක හරිම අසීරුයි, මොකද මට ආදරේ ගැන අත්දැකීමක් තිබිලම නැහැ.

චලෝ අධ්‍යක්ෂ හසුන් අයියා මට මේ ගැන කියද්දි මං මුලින්ම කිව්වෙ අනේ මට කරන්න බැහැ කියලා. ඒත් එයා තමයි මාව ඒ කතාවේ ප්‍රේමවන්තිය කියන චරිතයට ලස්සනට හැදුවෙ. මුලින් අමාරු දෙයක් වුණාට පසුව මම හරිම ආසාවෙන් ඒ චරිතය කළා.

ක්‍රීඩාවෙන් ඉදිරි අනාගත බලාපොරොත්තු මොනවාද?

ඉදිරියෙදි ලංකාවේ පැවැත්වෙන්නට තියෙන ක්‍රීඩා සමාජ තරගාවලිවලට හොඳ පුහුණුවකින් සාර්ථකව මුහුණ දෙන්න සහ නැවතත් ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම තේරුම් වටවලදී ජාතික කණ්ඩායමට තේරී පත්වීම තමයි බලාපොරොත්තුව.

උපුටා ගැනීමකි – සිළුමිණ පුවත්පත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57