ආදර්ශා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සිදු කළ පැමිණිල්ලකට අනුව ආදර්ශා කරඳන පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසිනුයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මහාචාර්ය ආශු මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා ආදර්ශා කරදන ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සඳහන් කළේ එම අවස්ථාවේදී ඉල්ලුම්කාරියට අපේක්ෂිත ඇප නියම කිරීම සුදුසු නොවන බවයි.

ආශූ මාරසිංහ නැමැත්තෙකු සුනඛයකු සමග අස්වාභාවික ආකාරයෙන් හැසිරෙන වීඩියෝවක් සමාජ ජාලවලට මුදා හැරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායිකාව අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව අදර්ශා කරඳන වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබුණා.

ආශු මාරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදුවන හෙයින් මෙම අවස්ථාවේ ඇය ඇප මත මුදාහරිනු ලැබුවොත් එය විමර්ශන කටයුතුවලට බාධාවක් බව සඳහන් කර තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමඟ එක්වයි ආචාර්ය මාරසිංහ සිය සුරතල් සුනඛයාට ලිංගික අතවර කළ බවට අදර්ශා කරඳන චෝදනා කර තිබුණේ.

පසුගිය වසරේ දෙසැම්බර් 23 වන දින පැවති මාධ්‍ය හමුවකදී එම සිද්ධියේ වීඩියෝවක් හෙළිදරව් කරමින් ඔවුන් දෙදෙනා මෙම චෝදනා එල්ල කළා.

එම චෝදනාව එල්ල කරන අවස්ථාවේදී දර්ශනී කරඳන හෙළි කළේ තමන් මහාචාර්ය මාරසිංහගේ හිටපු පෙම්වතිය බවයි.

එම චෝදනාවෙන් පසුව මෙම වීඩියෝ පටය පදනම් විරහිත එකක් බවට මහාචාර්ය ආශු මාරසිංහ පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කළා.

එම චෝදනා සම්බන්ධයෙන් මහාචාර්ය ආශු මාරසිංහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ අදර්ශනී කරදාන වෙත එන්තරවාසි ද යෝඋමු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51