ආදරවන්තයින්ගේ දිනය දා පෙම් යුවළක් සියදිවි නසාගෙන

ප්‍රේම සම්බන්ධතාවක් මත තරුණයෙකු සහ තරුණියක් වස පානය කර සියදිවි හානිකර ගැනීමේ පුවතක් ආදරවන්තයින්ගේ දිනය යෙදී තිබූ ඊයේ (14) දිනයේ ඉන්දියාවෙන් වාර්තා වනවා.

මහෝබා දිස්ත්‍රික්කයේ චර්ඛාරි ප්‍රදේශයේ දී මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ වයස අවුරුදු 22ක තරුණයෙක් සහ 20 හැවිරිදි තරුණියෙක්.

මොවුන් දෙදෙනා ඥාති සොහොයුර සොහොයුරියන් වන අතර කලක සිට දෙදෙනා මෙම ආදර සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇති බවයි බවයි අනාවරණය වී ඇත්තේ.

වස පානය කිරීමෙන් අනතුරුව තරුණයා රෝහලට රැගෙන ගොස් ඇති අතර, එලෙස ඔහු රෝහල් ගත කළත් ඔහුට ජීවත්වීමේ වාසනාව උදා වී නැහැ.

කෙසේ වෙතත් ඔහු මෙලෙස රෝහල් ගතකරන අවස්ථාවේ දී දෙදෙනා අතර පැවති මෙම සම්බන්ධය ගැන ඔහුගේ පවුලේ අයට පවසා ඇති අතර, ඔහු ඥාති සහෝදරිය සමඟ විවාහ වීමට කැමැත්ත පළ කළ බවත් සඳහන්.

ඔහු එහිදී පවුලේ අයට වැඩිදුරටත් පවසා ඇත්තේ තම ඥාති සහෝදරිය ද නිවසේ සිට වස පානය කර ඇති බවයි.

එලෙස වස පානය කිරීමෙන් පසු රෝහල් ගතකළ තරුණිය ද රෝහල් ගතකළ පසු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මොවුන් දෙදෙනා මෙලෙස සියදිවි හානිකර ගැනීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38