ආත්ම ආරක්ෂාවේ අයිතිය භාවිත කරමින් තෙලිකඩ දී පුද්ගලයෙක්ට පොලිසියෙන් වෙඩි

තෙලිකඩ පොලිස් වසමේ දොඩංගොඩ ප්‍රදේශයේ ගිං ගඟ අසල නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බවට 119 හදිසි ඇමතුම් ඒකකයට ලද දූරකථන පණිවිඩයකට අනුව තෙලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී පුද්ගලයින් සිව්දෙනෙකු මත්පැන් පානය කරමින් සිට තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණීමේ දී එහි සිටි එක් පුද්ගලයෙකු කඩුවක් රැගෙන බීමතින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර පහරදීමට තැත් කිරීමේ දී සිය ආත්ම ආරක්ෂාවේ අයිතිය භාවිත කරමින් එම පුද්ගල‍යාගේ දණහිසෙන් පහළට වෙඩි තැබීමක් සිදු කළ බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

මෙලෙස තුවාල ලැබුවේ 31 හැවිරිදි ගනේගම දකුණු – බද්දේගම පදිංචිකරුවෙක්.

සිද්ධියෙන් පොලිස් නිලධාරීන් ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24