ආණ්ඩු බලය අල්ලන මෙහෙයුමට මෛත්‍රීගේ සැලසුම එළියට

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එම පක්ෂයේ ප‍්‍රධාන පක්‍ෂ මධ්‍යම කාරක සභාවට “මාතලේ ප්‍රකාශය” නමින් විශේෂ ප‍්‍රකාශයක් සිදු කර තිබේ.

අනාගතයේදී රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා දැඩි කැපවීමෙන්, නොපසුබස්නා උත්සාහයෙන් සහ අධිෂ්ඨානශීලීව සිය පක්‍ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවන බව මාතලේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එම පක්ෂයේ ඉදිරි උපාය මාර්ගික සැලසුම් සකස් කිරීමේ වැඩමුළුව පසුගියදා පැවැත්වූ අතර එම වැඩමුළුව අවසානයේදී ‘ඓතිහාසික මාතලේ ප‍්‍රකාශය’ නිකුත් කරමින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එම ප‍්‍රකාශයේ මෙසේද සඳහන් වෙයි.

ශ‍්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ මැදින් අව දියවක හා තියවක නම් තිථිය ලත් බුධ ගුරු දෙදින හෙවත්, ව්‍යවහාර රාජ්‍ය වර්ෂයෙන් 2021ක් වූ මාර්තු මස 30 හා 31 දෙදින, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකකාරකාදීන් හා මධ්‍යම කාරක සභාව විසින් ශී‍්‍ර සෙංවඩ ශෛලාභිධාන පුරවරයේදී උතුම් දළදා වහන්සේ වැඳපුදාගෙන, ජාතික වීරවරයන් සඳහා පුෂ්පෝපහාර පවත්වා, මහා නායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, උතුම් ත‍්‍රිපිටක ධර්මය ග‍්‍රන්ථාරූඪ කළා වූද, 1848 තරම් මෑතකදී අධිරාජ්‍යවාදයට එරෙහිව තීරණාත්මක අරගලයක් වූ මහතලා හටනෙහි තීරණාත්මක සන්ධිස්ථානයක් වූද, නාලන්දා ගෙඩිගේ ස්ථාපනයෙන් ලංකාද්වීපයේ මධ්‍ය ප‍්‍රදේශය ලෙස හඳුනා ගැනුණා වූද, ඓතිහාසික මාතලේ පුරවරයේදී පවත්වන්නට යෙදුන උපාය මාර්ගික සැලසුම් සකස් කිරීමේ වැඩමුළුව අවසන ඉදිරිපත් කෙරෙන ඓතිහාසික මාතලේ ප‍්‍රකාශයයි.
 
 එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ දර්ශනය මත පදනම් වෙමින්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, චන්‍ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ආදි නායක නායිකාවන්ගෙන් පෝෂණය වෙමින්, සෙසු පුරෝගාමී පාක්‍ෂිකයන්ගේ ලෙයින්, කඳුළින්, දහඩියෙන් ගොඩනැඟුණු අපේ පක්‍ෂය, වර්ෂ 1951න් පසුව ශ‍්‍රී ලංකාවේ දේශපාලන තන්ත‍්‍රයට කර ඇති දැවැන්ත දායකත්වය ගැඹුරින් සමාලෝචනය කරමින් අපේ ශක්තීන්, දුර්වලතා, අවස්ථා හා තර්ජන හඳුනාගනිමින් නිවැරදි, දුරදක්නා, දේශපේ‍්‍රමී ක‍්‍රමෝපායික දිශානතියක් ඔස්සේ පක්‍ෂය ශීඝ‍්‍ර‍්‍ර හා කාර්යක්‍ෂම සංවර්ධනයකට ලක් කළ යුතු බව තීරණය කළෙමු. වත්මන් රජයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවකු වශයෙන් අපි සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති මාලාව සඳහා සහයෝගය ලබාදෙන අතරතුර සමස්ත ශ‍්‍රී ලාංකීය ජාතිය 21 වන ශතවර්ෂයේ නවමු ආර්ථික දේශපාලනික හා සාමාජීය අභියෝග ජය ගැනීම සඳහා පහත තේමා ඔස්සේ මෙහෙයවන්නෙමු.
 
 පක්‍ෂයේ ඓතිහාසික භූමිකාව සපථ කරමින් සමස්ත ශ‍්‍රී ලාංකීය ජාතියේත්, අප මාතෘ භූමියේත් අනාගතය සුරක්‍ෂිත හා සෞභාග්‍යසම්පන්න කරනු පිණිස පක්‍ෂයේ මතවාදී පදනම ශක්තිමත් කරමින්ද, පක්‍ෂයේ සම්පත් පැතිකඩ ප‍්‍රමාණාත්මකව හා ගුණාත්මකව සංවර්ධනය කරමින්ද, දියුණු හරයාත්මක හා සදාචාරවත් දේශපාලන සංස්කෘතියක් ශ‍්‍රී ලංකාවේ ස්ථාපනය කරමින්ද, සියලූ ජාතීන් හා වෙනත් සංස්කෘතික අනන්‍යතාවන් වෙනුවෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින්ද, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය බලය අනාගතයේදී ලබා ගැනීමට දැඩි කැපවීමෙන් නොපසුබස්නා උත්සාහයෙන්, අධිෂ්ඨානශීලීවත් කටයුතු කරන්නෙමු.

18237992 1396709333722344 2919311497622474013 o 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39