ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් හෙට

හෙට (24) පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

මෙම රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි තොරතුරු වාර්තා වුණේ.

ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙන මෙම රැස්වීම, කැබිනට් මණ්ඩල හමුවෙන් පසු සිදුවන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර එළඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම අඟහරුවාදා (25) ආරම්භ වීමට නියමිතයි.