ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද පස්වරුවේ

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අද (08) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පස්වරු 5.00ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.