spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු චාරිකාවක් අරන් ගිහින්….

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජා ඇළ පිහිටි ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකවක නිරත වී තිබෙන බව වාර්ථා වනවා.එම චාරිකාවේ යෙදී තිබෙන්නේ ඊයේ පස්වරුවේයි.

එම ගමනේ දී ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය පර්යේෂණය කොට නිපදවු විවිධ යන්ත්‍රෝපකරණ මන්ත්‍රීවරුන්ගේ නිරීක්ෂණයට ලක් වී තිබුනා.

වර්තමානයේ රට මුහුණ පා සිටින ගෑස් අර්බුදය ඇතුළු තවත් ගැටලු රැසකට විසදුම් සෙවීමට ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය විසින් හඳුන්වාදෙනු ලබන නව නිපැයුම් යොදා ගැනීමේ හැකියාව පිළිබඳ සොයා බැලීම මෙම නිරීක්ෂණ චාරිකාවේ මූලික අරමුණක් බව පැවසේ.

ජීව ඉන්ධන බස් පිසිනය, අඩුවියදම් නර්ට් නිවාස තාක්ෂණය, ගෘහස්ථ ජීව වායු ජනකය, කර්මාන්තමය දර ළිප ඇතුළු නව නිපැයුම් මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ අවධානයට ලක්ව තිබේ.

මෙම නිපැයුම් වාණිජමය වශයෙන් ප්‍රචලිත කිරීමට සියලු ආයතන සමග ඒකාබද්ධ වැඩසටහනක් සැලසුම් කරන බව මන්ත්‍රීවරුන් එහිදි කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?