ආණ්ඩුව හොරකම් නොකරන බවට ජාත්‍යන්තර ප්‍රජාව විශ්වාස කරනවා – ටිල්වින් සිල්වා

ගංවතුර සහ නායයෑම් නිසා විපතට පත් ජනතාවට සෙත් ප්‍රාර්ථනා කිරීමට සහ මියගිය අය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමේ වැඩසටහනක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වීන් සිල්වාගේ ප්‍රධානත්වයෙන් අලුත්ගම කන්දේ විහාරස්ථානයේදී ඊයේ (09) පැවැත්වුණා.

අලුත්ගම කන්දේ විහාරස්ථානයේ විහාරාධිපති බෙන්තර වලල්ලාවට කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වූ මෙම ආගමික වැඩසටහන සඳහා ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක ස්වාමීන් වහන්සේලා පැමිණ සිටි අතර මියගිය අය වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමෙන් අනතුරුව සෙත් පිරිත් සජ්ඣානයක් ද සිදු කරනු ලැබුවා.

මෙම වැඩසටහනෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ ලැබුණු අරමුදල් සහ භාණ්ඩාගාරය මූල්‍ය ශක්තිය මත ජනාධිපතිවරයා විසින් විපතට පත් ජනතාවට ලබා දීමට පොරොන්දු වූ සහන ඒ ආකාරයෙන්ම ලබා දීමේ හැකියාවක් පවතින බවයි.

එමෙන්ම මෙම ආණ්ඩුව ජ්‍යාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය දිනාගෙන ඇති අතර එම නිසා විශාල වශයෙන් ජ්‍යාත්‍යන්තර සහයෝගය විශාල වශයෙන් හිමිවන බව ද ඔහු සඳහන් කළා.

”ජ්‍යාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය තබා තිබෙනවා මේ ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ, නාස්ති කරන්නේ නැහැ , වංචා නැහැ කියලා. ඒ නිසා ජ්‍යාත්‍යන්තර සහයෝගය අපිට ගොඩක් හම්බෙනවා.” යැයි ටිල්වින් සිල්වා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

  1. මුස්ලිම් නොවන රාජ්‍යයක් අත්පත් කරගැනීමේ කුරාණයේ සදහන් house of war හි එම රාජ්‍ය යේ වැසියන් ගෙන් බදු එකතු කල යුගය (පාලකයින් ගේ දුෂණය )අවසන්. දැන් රටේ බහුතරය වන සිංහල හා දමිල ජනතාව හාන්සිය. රටම ලොවටම ණයය. එම දුෂණ වංචාව අපරාධ වලට රටේ නීතිය ක්‍රියාත්මක නැත. ඇත්තේ මාධ්‍ය නඩු අසන සංදර්ශන පමණි. මේ නාටක සියල්ල හසුරවන ඉරාන පලස්තීන මුස්ලිම්කරණය අන්තවාදී ත්‍රස්තවාදය ට ඇත්තේ පවතින පාලනය යොදාගෙන “ශරියා නිතීය ” ගෙන එම පමණි.