ආණ්ඩුව ගෙදර යවන්න විශ්වාසභංගයක්

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඉන් ආණ්ඩුව පරාජයට පත් කොට වහාම මහ මැතිවරණයක් සඳහා යොමුවීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු හවුල්කාර පක්ෂ 11 කණ්ඩායම සූදානමින් සිටින බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

ඒ අනුව එම විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව පරාජය කිරීමට අවශ්‍ය ඡන්ද ප‍්‍රමාණය සොයා ගැනීමේ මෙහෙයුමක ද මේ වන විට නිරතව සිටින විමල්, උදය ඇතුළු පාර්ශ්වය එම ප‍්‍රයත්නය මේ වන විට සාර්ථක කර ගෙන ඇතැයි පැවසෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගෙන තිබුණේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමටය. එහිදී ආණ්ඩුව මන්තී‍්‍ර ඡන්ද 156ක් ලබා ගෙන තිබුණි.

එම ඡන්ද ප‍්‍රමාණය ඉලක්කය කර ගනිමින් විමල්, උදය ඇතුළු හවුල්කාර පාර්ශ්වය මේ වන විට එම ඡන්ද ප‍්‍රමාණයෙන් ඡන්ද 30ක් හවුල්කාර පක්ෂ 11ක නියෝජිතයන් විසින් ඉවත් කරගෙන ඇත. ඒ අනුව එසේ බැලුවහොත් ආණ්ඩුවට ඇත්තේ පාර්ලිමේන්තුවේ ඡන්ද 126ක් වුවද එයින් ද ආණ්ඩුව සමග විරසක වී හෝ කලකිරී සිටින තවත් මන්තී‍්‍රවරුන් 11 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වීමට මේ වන විටත් කැමැත්ත පළ කර ඇත.

එහිදී ආණ්ඩුවේ බහුතර බලයට අභියෝග වන පරිදි තවත් කැබිනට් ඇමැතිවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීමට මේ වන විට තීරණය කර අවසන් බව ආණ්ඩුවේ ආරංචි මාර්ග තහවුරු කරයි.

වත්මන් ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව, ජනතාවට සහන ලබා දීමට නොහැකිවීම, ආර්ථික අර්බුදය, විවිධ පෝලිම් නිර්මාණය වීම් ඇතුළු අනෙකුත් ආණ්ඩුවේ නොහැකියාවන් සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරී සිටින තවත් මන්තී‍්‍රවරුන් 25දෙනකු පමණ දැනටමත් විමල්, උදය ඇතුළු ආණ්ඩු විරෝධී පිළ වෙත එකතුවෙමින් පවතියි.

ඊට අමතරව ඔවුනගේ උත්සාහය තවත් මන්තී‍්‍රවරුන් 08 දෙනෙකු විපක්ෂයෙන් හෝ දිනා ගැනීම වන අතර එම වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113ක සරල බහුතර බලය අහිමි වී යනු ඇත.

එම බහුතර බලය අහිමි වූ සැණින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ඉන් පරාජයට පත් කොට ආණ්ඩුව ගෙදර යැවීමට හවුල්කාර පක්ෂ නායකයන් සූදානමින් සිටින අතර ඒ සඳහා විපක්ෂයේ ද සහාය ලබා ගැනීමට නියමිතය.

මීට පෙර අවස්ථාවක දී විපක්ෂයේ පිරිසක් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් වුවද විමල් ඇතුළු පිරිස එහිදී කියා ඇත්තේ පුද්ගලයකු ඉලක්ක කර ගෙන නොව සමස්ත ආණ්ඩුව ඉලක්ක කර ගනිමින් විශ්වාස භංග යෝජනාවක් ගෙනැවිත් පරාජය කිරීම කළ යුතු බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
00:00
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය
01:02
Video thumbnail
අලුතෙන් ගෙනාපු ගල් අඟුරුත් බාලයි - චානකගෙන් හෙළිදරව්වක්
09:54
Video thumbnail
චමරි ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි - ආණ්ඩුව යන්නෙත් QR Code එකයි ඔත්තෙයි ඉරට්ටෙයි වගේ
01:33
Video thumbnail
මුළු රටම ටිල්වින්කරණයට ලක්වෙලා - ඒකාධිපති පාලනයක්
05:01
Video thumbnail
මැතිවරණයට මුහුණ දෙන්න ආණ්ඩුව බයයි
02:21
Video thumbnail
ජවිපෙ මුළු රටම ගිනි තිබ්බා - 6661 දෙනෙක්ව ඝා#නය කළා
18:03
Video thumbnail
නීතිය ක්‍රියාත්මක කරන ආයතනම නීතිය ක්‍රියාත්මක නොකරන තැනට ඇවිත් - පුරුද්ද නීතියට උඩින් ගිහිල්ලා
02:47
Video thumbnail
සංඝයාට නරක විදියට මඩ ග#හන දැවැන්ත මඩ ප්‍රහාරයක් යනවා - දිඹුලාගල රාහුලාලංකාර නාහිමිට යකා නගියි
03:19
Video thumbnail
එක කෝල් එකෙන් ප්‍රශ්නේ විසඳපු ඇමති හදුන්නෙත්ති - බස් දුවද්දි තර්ජන තියෙනවද ?
07:32