ආණ්ඩුව ඉදිරියට රැගෙනයාමට ජනපති සහ අගමැතිට පොහොට්ටුවේ පූර්ණ සහාය

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) පස්වරුවේ පැවැත් වුණා.

ඒ, බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි එම පොදුජන පෙරමුණු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දීයි.

ආණ්ඩුව ඉදිරියට රැගෙනයාමට ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව එම මන්ත්‍රී පිරිස එහිදී සඳහන් කර තිබෙනවා.