ආණ්ඩුවේ හවුල් පක්ෂ මෛත්‍රී හමුවෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයින් අතර හමුවක් ඊයේ (23) රාත්‍රියේ සිදු වුණා.

ඒ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවසේදීයි.

එම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරද එක්ව සිටි අතර, ඊට සහභාගි වූ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ ආණ්ඩුවට ඉදිරිපත් කරන යෝජනාවලිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි.

මෙම සාකච්ඡාවේ දී පවතින බලශක්ති අර්බුදය සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමුව ඇති බවයි වාර්තා වුණේ.

රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සකස් කරන ලද යෝජනාවලිය ලබන මස 02 වනදා ආණ්ඩුවට භාරදීමට නියමිතයි.

පවතින ඩොලර් අර්බුදය, විදුලි සහ ඉන්ධන අර්බුද සම්බන්ධයෙන් මෙන්ම ඉහළ යන ජීවන වියදම මගහරවා ගැනීමට අදාළ කරුණු ආණ්ඩුවට ඉදිරිපත් කරන මෙම යෝජනාවලියට ඇතුළත් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06