ආණ්ඩුවෙන් ඉවත් වන්න සූදානම් මහින්ද කියයි

කසාය බිව් ගොළුවන් සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු නොසිටින බවද, පක්ෂය තීන්දු කරන ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් බවද පරිසර ඇමැති මහින්ද අමරවීර පැවසීය. පරිසර අමාත්‍යාංශයේ ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කීවේය. ආණ්ඩුවෙන් එළියට පලයල්ලා කියන අය කටවල් පාලනය කර ගත යුතු බවත්, ආණ්ඩුව ගැන ජනතාවගේ විශ්වාසය බිඳවැටෙමින් තිබෙන බවත්, ජනතාවගේ ආණ්ඩුවක් බව පෙන්වීම සඳහා යම් ආකාරයක කැපකිරීමක් කිරීම සඳහා සියලු දෙනා එකතුවිය යුතු බවත් ඇමැතිවරයා සඳහන් කරයි. විදේශ ආයෝජන නොලැබුනොත් රට පවත්වාගෙන යෑමට නොහැකි බවද ඇමැතිවරයා කියයි.

කාබනික පොහොර සම්බන්ධව බරපතළ ගැටලුවක් තිබෙන බවත්, මින් ගොවි ජනතාව දැඩි පීඩනයට ලක්ව ඇති බවත්, ගොවි ජනතාවගේ පීඩනය හරහා පාරිභෝගිකයාටද මේ ගැටලුව දැනෙන්ට පටන්ගෙන ඇති බවත් ඇමැතිවරයා කීවේය. කාබනික පොහොර වැඩපිළිවෙලේ අඩුපාඩු පිළිබඳව මුල සිටම දැනුම්දී තිබූ බවත්, මෙම වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්, ගොවීන් දැනුවත් කරන්නට තිබූ බවත්, කාබනික ගොවිතැන ගැන ගොවියාට තිත්ත වන තත්ත්වයට දැන් පත්ව ඇති බවත් ඔහු පැවසීය.

එකිනෙකාට චෝදනා නොකර රට තුළ වගා සංග්‍රාමයක් ඇරැඹිය යුතු බවත්, මීට පෙරදී ලෝකයේ ආහාර හිඟයක් පිළිබඳ අනතුරු අඟවා තිබූ අවස්ථාවල මෙරට ගොවියා වගාකර තිබූ බවත්, හාල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකළ බවත් ඇමැතිවරයා පැවසීය. ගෑස් පිපිරීම සම්බන්ධව විශේෂඥයින්ටවත් හරි මතයක් ඉදිරිපත් කිරීමට නොහැකිවී ඇතැයිද ඔහු කීවේය. නාගරික හිස් ඉඩම්වල වන ගොමු ඇති කිරීමට කටයුතු කරන බවද ඔහු කීවේය. පරිසර හිතකාමී ආදර්ශ ගම්මාන පිහිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:31
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51