spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුවට වැටෙන ඡන්ද ප්‍රතිශතය ජී.එල්. කල්තියාම කියයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව සිදුකර ඇති තාක්ෂණික සමීක්ෂණවල ප්‍රතිඵල අනුව ආණ්ඩුවට10%ක පමණ ඡන්ද ප්‍රතිශතකයක් ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසනවා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයේ දී ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ දෙකටම 8%ක පමණ සුළු ඡන්ද ප්‍රතිශතකයක් ලැබෙනු ඇති බවයි.

නිදහස් ජනතා සන්ධානයේ කාර්යාලයේ දී අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය ජී. එල්. පීරිස් මේ බව සඳහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් තමන් ඉවත් කළ බවට මෙතෙක් ලිඛිත දැනුම්දීමක් සිදුකර නොමැති බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එලෙස දැනුම්දීමක් ලැබුණහොත් අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?