spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුවට ජනතාවගෙන් ලැබෙන දේ ගැන ඉඟියක්…

මෙම වසරේ අවසානය උදා වන්නේ ආණ්ඩුව පිළිබද ජනතා විශ්වාසය , භාණ්ඩාගාරය ඇතුලු සාධක රැසක අවසානයද සනිටුහන් කරමින් බව සමගි ජනබලවේගය පවසනවා.

රටේ ජනතාව මේ වනවිට විශාල පීඩනයකින් පසුවන බැවින් ආණ්ඩුවේ පාලන කාලය සම්බන්ධයෙන් නව වසරේදී සියලු දෙනා ඉක්මන් තීරණයක් ගතයුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කලා.

නුදුරු අනාගතයේදී ආණ්ඩු විරෝධී රැළි රැසක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා අවධාරණය කලේ.ගොවියන්ට කැත්ත උදැල්ල අතට ගෙන සටන් කරන්නට වෙන යුගය ඈතක නොවන බව ඔහු තව දුරටත් සදහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?