ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද (14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිත අතර, එහිදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ, අනුව ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීම, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට ලබාදී ඇති සේවා දිගුව අනුමත කිරීම ඇතුළු කරුණු කිහිපයක් අද රැස්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී සාකච්ඡාවට බඳුන්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්