ආණ්ඩුව විවේචනය කරන අයව ක්ෂණිකව ඉවත් කරනවා නේද?

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන තමන් කිසිවක් නොදන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (06) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

මාධ්‍යවේදියා – “ආණ්ඩුව විවේචනය කරන අයව ක්ෂණිකව ඉවත් කරනවා නේද? සමහරු චෝදනා කරනවා ඒත් ඔබතුමා ඉන්නවා කියලා.”

විමල් වීරවංශ – “ඒකට ඉතින් මම කොහොමද උත්තර දෙන්නේ. මාත් මේ කල්පනා කරන්නේ ඒ ගැන. “

මාධ්‍යවේදියා – “ඒ කියන්නේ ඔබතුමාත් ඉන්නේ ඇයි කියලා ද?”

විමල් වීරවංශ – “ඔයා අහපු ප්‍රශ්නය ගැන මං කිව්වේ (සිනාසෙමින්)”

“අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන මං කිසිදෙයක් දන්නේ නෑ. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. ඇති නේ. අපි තේ එකක් බීලා එන්නම්.”