ආගමන හා විගමන පාලකවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග

ආගමන හා විගමන පාලකවරයාට වහාම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

විද්‍යුත් වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් අතුරු නියෝගය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

එම්.ඒ. සුමන්දිරන්, රවුෆ් හකිම් සහ පාඨලී චම්පික රණවක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව විද්‍යුත් වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අගෝස්තු 4 වැනිදා නියෝගයක් නිකුත් කර තිබුණා.

මෙම පෙත්සම අචල වෙන්ගප්පුලි, ප්‍රීති පද්මන් සුරසේන , අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඉකුත් දා නව ක්‍රමවේදය ආරම්භ කිරීමට පෙර පැවැති ක්‍රමවේදය යටතේ වීසා සේවා ක්‍රියාත්මක කරන ලෙස ද විනිසුරු මඬුල්ල නියම අර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

ගුවන්තොටුපොළ ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් මතුව ඇති බවත් එබැවින් එම ක්‍රමවේදය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

විද්‍යුත් වීසා සේවාව මෙතෙක් පැවැති ක්‍රමය වෙනස් කරමින් විදෙස් සමාගම් ඇසුරෙන් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබීම නිසා සංචාරක ව්‍යාපාරය අවදානම් සහගත තත්ත්වයකට මුහුණ පා ඇති බවත් පෙත්සම්කරුවෝ කියා සිටිනවා.

එමෙන්ම වීසා ගාස්තු ඉතා ඉහළ යන බවත් මහජනතාවට රජය කෙරෙහි විශ්වාසය බිඳී යන බවත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් පෙත්සම් මගින් අවධාරණය කර තිබුණා.

මෙම තත්ත්වය යටතේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බව පවසන පෙත්සම්කරුවෝ පෙත්සම් විභාගයට අවසර ලබා දෙමින් අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලෙස සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, ආගමන විගමන පාලකවරයා, මහජන ආරක්ෂක අමාත්‍ය වරයා, සංචාරක අමාත්‍ය වරයා, සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව 32ක් නම් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32