ආගමන විගමන නිලධාරියාගේ අනාවැකිය හරි යයි

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝකයේ විවිධ රටවල තරඟාවලි සදහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික මල්ලවපොර ක්‍රීඩකයන් සහ නිලධාරීන් 44 දෙනෙකු එම තරගාවලි අතරතුර කණ්ඩායමෙන් මිදී පලා ගොස් අතුරුදහන් වී ඇති බව වර්තමාන ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවර මෙම මස 02 වැනිදා සිට 10 දක්වා ලෝකයේ රටවල් 72 ක සහභාගීත්වයෙන් පැවති ලෝක මල්ලවපොර ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම භාරව රැගෙන ගොස් සිටි කලමණාකරු කුඩාතන්ත්‍රීගේ ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතා එම තරගාවලිය අතරතුර කණ්ඩායමෙන් මිදී පළා යාම පිළිබඳව ඒෂියන් මිරර් කළ විමසිමකදී.

එසේ ශ්‍රී ලංකාව පවා දෙමින් ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමෙන් පලා ගිය බොහෝ ක්‍රීඩකයන් සහ නිලධාරීන් මේ වනවිට යළිත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවත්, එහෙත් මෙම නවතම පලා යෑම සිදුකළ ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතාට යළි ශ්‍රී ලංකාවට ඇතුළු වීමට නොහැකි වන පරිදි තමන් අවශ්‍ය පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා පවසා සිටියා.

ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතා මීට වසර 06 කට පමණ පෙර ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයට සම්බන්ධ වී ඇති බවත් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස නෝර්වේ වෙත යැවීමට  15 දෙනෙකුගෙන් යුතු මල්ලවපොර සම්මේලනයේ විශේෂ කමිටුවක වැඩි ජන්දයෙන් තෝරා ගැනීම සිදු කළ බවත් සරත් හේවාවිතාරණ මහතා ඒෂියන් මිරර් වෙත පවලා සිටියා.

මෙම ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම පසුගිය පළමුවැනිදා අලුයම ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර එහිදී ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කළ විමර්ශනවලදී මෙම කළමනාකරුගේ ගමන් මල්ලේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 03 ක් සොයාගෙන තිබූ අතර ඒ අවස්ථාවේ “මොහු යළිත් ආපසු ශ්‍රී ලංකාවට එන එකක් නැහැ” යනුවෙන් එම නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා.

එසේම නෝර්වේ ඔස්ලෝනුවර ගුවන් තොටුපළේ දීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරවරයා ඇතුළු කණ්ඩායම පිළිබඳව සැක මතු වී නෝර්වේ ආගමන විගමන නිලධාරීන් ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපතිවරයාගෙන් මොවුන් පිළිබඳව විමසා තිබෙනවා.

එසේම පසුගිය 02 වැනිදා උදෑසන තරඟ ආරම්භ කිරීම සදහා එම රටවල කළමනාකරුවන්ගේ රැස්වීමේ සිටම, මොහු කණ්ඩායම මගහැරීම ආරම්භ කර තිබූ අතර පසුගිය 04 වැනිදා ඔහු නවාතැන් ගෙන සිටි කාමරයෙන් අතුරුදහන් වී තිබෙනවා.

ඒ අනුව මේ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට, ආගමන විගමන පාගකවරයාට, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට, ක්‍රීඩා සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් මේ පිළිබඳව පැමිණිළි කර තිබුණා.

නෝර්වේ ආගමන විගමන බලධාරීන් සහ එරට ආරක්ෂක අංශ  මොහුට ක්‍රීඩාංගණයෙන් සහ එරටින් පළා යෑමට ඇති සියලු මාර්ග අවහිර කර  මොහු අත් අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීම සදහා මෙහෙයුම් සිදු කළද ඔහු ඒ වනවිටත් එරටින් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අවසානයේ ශ්‍රී ලාංකික මල්ලවපොර ක්‍රීඩකයන්ට නෝර්වේ රාජ්‍යයෙන් පිට වීම සදහා රැපීඩ් පී.සී.ආර්. පරීක්ෂණය සදහා මුදල් ද මෙම කළමනාකාරවරයා සොරකම් කර ගෙන පළා ගොස් තිබූ බැවින් ඒ සදහා තම පෞද්ගලික ධනයෙන් රුපියල් 255,000 ක මුදලක් එරටට ක්ෂණිකවම යැවූ බව සරත් හේවාවිතාරණ මහතා ඒෂියන් මිරර් සමඟ පවසා සිටියා.

රටවල් 72 ක සහභාගීත්වයෙන් පැවති ලෝක ශූරතා තරඟාවලියට වසර ගණනාවකට පසුව සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 32 වන ස්ථානයට පත් වී තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම පසුගිය 08 වැනිදා දින උදෑසන 09.00 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කළමනාකරු නොමැතිව කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

(ටී.කේ.ජී.කපිල – කටුනායක)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14