ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සවිකරන්න ගෙන ආ CCTV වසර 06ක් තිස්සේ ගබඩාවක

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අභ්‍යන්තර පරිශ්‍රයේ සවිකිරීම සදහා මිලදී ගත් CCTV කැමරා උපකරණ වසර 06ක් සවිනොකර ගබඩාවක ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව ඒවා සවිකිරීමට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කෝපා කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත
අලගියවන්න ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ.

2017 වසරේ දී රුපියල් මිලියන 2.1ක වියදමින් මිලදී ගත් මෙම කැමරාවලට අවශ්‍ය සියලු උපාංග නොමැති බවත් ඉන් කොටසක් පමණක් මිලදී ගෙන ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ඒ, සදහා මැදිහත් වූ නිලධාරීන් ද මේවන විට ස්ථාන මාරු ලබා ඇති බව ද අනාවරණය වුණා.

මෙවැනි ආයතනවල ඇතැම් පිරිස් කැමරා උපකරණ සවිකිරීමට අකමැත්තක් පළ කරන බව ද පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර CCTV කැමරා පද්ධතිය සවිකිරීමට පියවර ගන්නා ලෙසයි දැනුම් දුන්නේ.

ඒ, සම්බන්ධයෙන් වන ප්‍රගතිය මැයි 15ට පෙර දැනුම් දෙන ලෙසත් සභාපතිවරයා දැනුම් දෙන ලැබුවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 2020, 2021 හා 2022 වසරවල විගණකාධිපති වාර්තා හා වත්මන් කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සදහා පසුගියදා (02) රජයේ ගිණුම් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28