අළු බඳුන ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියාව ට

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 275කින් ජය ලැබීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

මෙම දිවා-රාත්‍රී තරගය පැවැත්වුණේ, ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේදී ය.   

මුලින්ම මන්දුවට පහරදුන් සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 473ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම ලකුණු 236කට දැවී ගියේය.

අනතුරුව ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 230ක් ලබා සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවනු ලැබීය.

ඒ අනුව තරගයෙන් ජය ලැබීම සඳහා ලකුණු 468ක ඉලක්කයක් එංගලන්ත කණ්ඩායමට ලැබුණි.

නමුත් ඔවුන් දෙවැනි ඉනිම සඳහා රැස්කළේ ලකුණු 192කි.

පන්දු 207ක් පමණ කඩුල්ලේ රැඳී සිටි ජොස් බට්ලර් ලකුණු 26ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී ජයිඩ් රිචර්ඩ්සන් ලකුණු 42කට කඩුලු 5යි.

ඒ අනුව අළු බඳුන ටෙස්ට් තරගාවලියේ 2කට බින්දුවක් ලෙස පෙරමුණේ ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55