අහුංගල්ල ලොකු පැටීගේ ලොකු ගෝලයින් තිදෙනෙක් STF දැලේ (ඡායාරූප)

කැස්බෑව පොලිස් වසමේ කැබැල්ලගහ වත්ත පාර ප්‍රදේශයේ දී ඊයේ (09) සිදුකළ මෙහෙයුමක දී විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අහුංගල්ල ලොකු පැටී නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරවිල, පාදුක්ක හා ගල්කිස්ස යන ප්‍රදේශයන්වල පදිංචි වයස අවුරුදු 24,28,48 පසුවන ලොකු පැටීගේ ප්‍රධානම ගෝලයන් තිදෙනෙක්.

සැකකරුවන් සන්තකයේ තිබී මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝල අවියක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක්, උණ්ඩ රහිත මැගසින් දෙකක්, රුපියල් කෝටි තිහකට ආසන්න වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ 13ක්, ග්‍රෑම් 106ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 164ක් සහ මෝටර් රථ 02ක් විශේෂ කාර්ය බලකායේ භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 06 10 at 7.18.38 AM
WhatsApp Image 2024 06 10 at 7.18.36 AM
WhatsApp Image 2024 06 10 at 7.18.37 AM 1
WhatsApp Image 2024 06 10 at 7.18.37 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14