අහුංගල්ලේ පවුලකට වෙඩි තැබූ සිද්ධියේ සුල මුල හෙළිවෙයි

අහුංගල්ල, ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර ප්‍රදේශයේ දී ඊයේ (21) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීම පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට සැක කෙරෙන බව පොලීසිය පවසනවා.

ඒ, අනුව පොලීසිය පවසන්නේ මීට පෙර සිදු වූ වෙඩි තැබීමකට පළිගැනීමක් වශයෙන් කොස්ගොඩ සුජීගේ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි.

පසුගිය අප්‍රේල් මස 14 වැනිදා රාත්‍රියේ අහුංගල්ල, මුද්දරමුල්ල ප්‍රදේශයේදි වෙඩි තැබීමක් සිදු වූ අතර, එහිදි තරුණයෙකු ජීවිතක්ෂයට පවත් වුණා.

එලෙස ජීවිතක්ෂයට පත් වුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ හිතවතියක් වන කුඩු මධූෂා ලෙස හඳුන්වන කාන්තාවගේ දියණිය විවාහකර ගැනීම සඳහා සිටි තරුණයා බවයි අනාවරණය වුණේ.

රත්ගම විදුරගේ සහ ලොකු පැටීගේ සමීපතමයෙකු වූ අහුංගල්ලේ බබා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයාට එම තරුණයා ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වුණා.

මේ අතර ඊයේ (21) සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව අහුංගල්ලේ බබාගේ සහෝදරියක් බවට විමර්ශනවලින් මේ වනවිට අනවරණය වී තිබෙනවා.

ඒ,අනුව පොලීසිය සැක පළ කරන්නේ පසුගිය අප්‍රේල් මස 14 වැනිදා සිදුවූ වෙඩි තැබීමට පළිගැනීමක් වශයෙන් මෙම වෙඩිතැබීම කොස්ගොඩ සුජීගේ පාර්ශ්වය විසින් සිදුකරන්නට ඇති බවටයි.

අහුංගල්ල, ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර ප්‍රදේශයේ දී ඊයේ (21) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් අඹුසැමි යුවළක් සහ මාස 04ක බිළිදෙක් තුවාල ලැබුවා.

මොවුන් සිය ව්‍යාපාරික ස්ථානයේ සිට යතුරුපැදියකින් නිවස බලා යමින් සිටින අතර තුර අහුංගල්ල, ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර ප්‍රදේශයේ සැඟව සිටි පුද්ගලයෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් අඹුසැමි යුවළ සහ මාස 04ක් වයසැති බිළිඳා තුවාල ලැබු අතර, ඔවුන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාස 04ක් වයසැති බිළිඳා සහ එම බිළිඳාගේ පියා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

පොලිසිය පැවසුවේ ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් මඟින් පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.

  1. AYUDHA ATHATTA GATHTHAMA NEETHIYA NIHANDA WELA BHAYEN HANGENAWA. LADARUWEK YANA BAWA DENA DENA WEDI THIYAPU EKA PAHARAYEK. GEHENIYEKUTA WEDI THIYANNE EYI. EYAGE MALLI MINEE MARUWATA ME GENU KENA EWATA KISIMA SAMBANDHAYAK NAHE NEDHA. MARA GANEEM WIHIDENNE MEHEMAYI. AHAKA INNA UN ME PRASHA WALATA ADHALA GATHTHAMA AHUWENA AHUWENA EKA MARANAWA DEPATHTHEMA INNA UN.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30