spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අහුංගල්ලේ පවුලකට වෙඩි තැබූ සිද්ධියේ සුල මුල හෙළිවෙයි

අහුංගල්ල, ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර ප්‍රදේශයේ දී ඊයේ (21) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීම පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට සැක කෙරෙන බව පොලීසිය පවසනවා.

ඒ, අනුව පොලීසිය පවසන්නේ මීට පෙර සිදු වූ වෙඩි තැබීමකට පළිගැනීමක් වශයෙන් කොස්ගොඩ සුජීගේ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි.

පසුගිය අප්‍රේල් මස 14 වැනිදා රාත්‍රියේ අහුංගල්ල, මුද්දරමුල්ල ප්‍රදේශයේදි වෙඩි තැබීමක් සිදු වූ අතර, එහිදි තරුණයෙකු ජීවිතක්ෂයට පවත් වුණා.

එලෙස ජීවිතක්ෂයට පත් වුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ හිතවතියක් වන කුඩු මධූෂා ලෙස හඳුන්වන කාන්තාවගේ දියණිය විවාහකර ගැනීම සඳහා සිටි තරුණයා බවයි අනාවරණය වුණේ.

රත්ගම විදුරගේ සහ ලොකු පැටීගේ සමීපතමයෙකු වූ අහුංගල්ලේ බබා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයාට එම තරුණයා ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වුණා.

මේ අතර ඊයේ (21) සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව අහුංගල්ලේ බබාගේ සහෝදරියක් බවට විමර්ශනවලින් මේ වනවිට අනවරණය වී තිබෙනවා.

ඒ,අනුව පොලීසිය සැක පළ කරන්නේ පසුගිය අප්‍රේල් මස 14 වැනිදා සිදුවූ වෙඩි තැබීමට පළිගැනීමක් වශයෙන් මෙම වෙඩිතැබීම කොස්ගොඩ සුජීගේ පාර්ශ්වය විසින් සිදුකරන්නට ඇති බවටයි.

අහුංගල්ල, ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර ප්‍රදේශයේ දී ඊයේ (21) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් අඹුසැමි යුවළක් සහ මාස 04ක බිළිදෙක් තුවාල ලැබුවා.

මොවුන් සිය ව්‍යාපාරික ස්ථානයේ සිට යතුරුපැදියකින් නිවස බලා යමින් සිටින අතර තුර අහුංගල්ල, ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර ප්‍රදේශයේ සැඟව සිටි පුද්ගලයෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් අඹුසැමි යුවළ සහ මාස 04ක් වයසැති බිළිඳා තුවාල ලැබු අතර, ඔවුන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාස 04ක් වයසැති බිළිඳා සහ එම බිළිඳාගේ පියා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

පොලිසිය පැවසුවේ ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් මඟින් පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
3
+1
2
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?