අහිංසක සන්නාලියන්ගේ රැකියාවන් අහිමි වෙයි ද ?

ශ්‍රී ලංකාවේ මේ මොහොත වන විට පවතින අර්ථික අර්බුදය හා දේශපාලන අස්ථාවරත්වය රටේ ආර්ථිකය උරමත තබාගෙන ගිය ක්ෂේත්‍ර ගණනාවකට දැඩි බලපෑමක් එල්ලකර ඇත/

සියල්ලන්ම අවධානය යොමුකළ සංචාරක ක්ෂේත්‍රය හැරුණු විට ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන තවත් ප්‍රධානම මාර්ගයක් වුණේ ඇඟළුම් අපනයනය යි.

image 55
කටුනායක වෙළඳ කළාපයේ ඇතුල් වීමේ දොරටුවක්

නමුත් මේ මොහොත වනවිට කර්මාන්තශාලා ද වැසීයාමේ අවදානමක් මේ වන විට ඇඟැළුම් ක්ෂේත්‍රයේ මතුව තිබෙන බව විද්වතුන් මෙන්ම වෘත්තීය සමිති පෙන්වා දෙයි. එයට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ නියමිත දිනට ජාත්‍යන්තර ඇනවුම් ලබාදීමට නොහැකිවීම හමුවේ මෙරටට ලැබෙන ඇඟළුම් ඇණවුම් 20%කින් පමණ පහත වැටී ඇති බවයි.

මේ දරුණු තත්ත්වය තුළ ඇඟළුම් කර්මාන්තය බිඳවැටුණහොත්, එහි සෘජු ප්‍රථිලාභ ලබන රැකියාවල නිරත ශ්‍රමිකයින් 350,000කට සහ වක්‍ර රැකියාවල නිරත සැපයුම් ක්ෂේත්‍රයේ මිලියනයකට අධික පිරිසකට ආදායම් අහිමිවීමේ අවදානමක් ඇති බව ඔවුන් අවධාරණයෙන් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධව අදහස් දක්වන නිදහස් වෙළෙඳ කළාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් මෙලෙස අප සමඟ අදහස් බෙදා ගත්තා,

“ඇඟළුම් කර්මාන්ත ශාලාවල ගැණුම්කරුවන් කියලා තියෙනවා ඒගොල්ලන්ට මේ තියන තත්ත්වය තුළ වෙලාවට ඇණවුම් ලබාගන්න බැරි නම් ඇණවුම් වෙන රටවලට ගෙනියන්න වෙනවා කියලා, දැනටමත් 20%ක් විතර ගෙනියලා කියලා කියන්නේ.

හයමාසයකට සැරයක් නේ ඇනවුම් දෙන්නේ. දැන් මේ ජුනි මාසය වෙනකොට ලැබිලා තියෙන ඒවා 20%ක් පමණ දැනටමත් බංග්ලාදේශය හා වෙනත් රටවලට ගෙනිහිල්ලා තියෙනවා.

මෙම තත්ත්වය දිගටම තිබුණොත් ජුනි මාසයේ ඉදලා ඊළඟ හයමාසයට ඇනවුම් ලබා දෙද්දි එගොල්ලන්ට මේක ගැන සලකා බලන්න වෙනවා කියලා, කියලා තියෙනවා කියලයි සේවා යෝජක සමාගම් කියන්නේ. මේක අනතුරුදායක තත්ත්වයක්.”

ශ්‍රී ලංකාවේ ආයෝජන කලාප දහතුනක් පිහිටා ඇති අතර ඒවායේ ඇති කර්මාන්ත ශාලා සංඛ්‍යාව 300කට අධික වෙයි.මෙයින් මූළික ස්ථාන ලෙස කටුනායක , බියගම සහ සිතාවක පෙන්වා දිය හැක.

මෙහිදි විශේෂයෙන් සඳහන් කළයුතු කරුණක් ලෙස ඇඟළුම් කර්මාන්ත ශාලාවලින් බොහෝමයක් ආයෝජන කලාපවලින් පිටතින් පිහිටීමත් සඳහන් කළ යුතුමය.

image 56
ඉන්දියාවේ ඇඟැළුම් කම්හලක්

ආයෝජන කලාපවල පිහිටා ඇති කර්මාන්ත ශාලවලට ආයෝජන මණ්ඩලය මඟින් විදුලිබලය සැපයීමට පියවර ගෙන ඇති නමුත් ආයෝජන කලාපවලින් පිටත පිහිටා ඇති කාර්මාන්ත ශාලවලට විදුලි අර්බුදය දැඩිව බලපා තිබේ.

image 58
විදුලිය විසන්ධි වූ කර්මාන්ත ශාලාවක්


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18