ශ්‍රී ලංකා ගුවන් අවකාශයේ පැතිර පවතින දූවිලි අංශු සහිත වායුගෝලීය තත්වය ගුවන් ගමන් සඳහා සැලකිවයුතු බාධාවක් ඇති කර නොමැති බව ප්‍රධාන ගුවන් ගමන් පාලක ප්‍රධානී නිශාන් අබේවර්ධන පැවසීය.
සාමාන්‍යයෙන් මෙම කාල සීමාව මෝසම් වැසි සහිත, උදෑසන මීදුම්වලින් පිරි වායූගෝලීය තත්වයක් පවතින වකවානුවක් නිසා මෙම දූවිලි සහිත තත්වයක් පැවතිය ද කටුනායක සිට සිදු කෙරෙන ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් බාධාවකින් තොරව සිදු වන බවයි ඔහු පැවසුවේ













