අහමදාබාද් වීදි දෙපස නිදා සිටි අසරණ මිනිසුන්ට මුදල් බෙදූ ගුර්බාස් (වීඩියෝ)

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පත්ව සිටිනවා.

ඔවුන් මෙවර ලෝක කුසලාන තරගවලිය අවසන් කළේ මූලික වටයේ සහභාගී වූ තරග නවයෙන් තරග තරග 04ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ 06 වන ස්ථානයේ රැඳී සිටිමින්.

එලෙස මෙවර ලෝක කුසලාන ගමන අවසන් කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් අලුයම් කාලයේ අහමදාබාද් නගරයේ වීදිවල සැරිසන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

අලුයම තුනට පමණ අහමදාබාද් නගරයේ වීදිවල ඇවිදයන ගුර්බාස් වීදිවල නිදා සිටින අසරණ මිනිසුන්ට උපකාර කරන අයුරු එහි දැක්වෙනවා.

එහිදී ගුර්බාස් වීදි දෙපස නිදා සිටි අසරණ මිනිසුන්ට මුදල් ලබාදීමට කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ වීඩියෝව ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩා කරන කණ්ඩායමක් වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නිල එක්ස් ගිණුමේ මෙලෙස පළකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14