spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අහමදාබාද් වීදි දෙපස නිදා සිටි අසරණ මිනිසුන්ට මුදල් බෙදූ ගුර්බාස් (වීඩියෝ)

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පත්ව සිටිනවා.

ඔවුන් මෙවර ලෝක කුසලාන තරගවලිය අවසන් කළේ මූලික වටයේ සහභාගී වූ තරග නවයෙන් තරග තරග 04ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ 06 වන ස්ථානයේ රැඳී සිටිමින්.

එලෙස මෙවර ලෝක කුසලාන ගමන අවසන් කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් අලුයම් කාලයේ අහමදාබාද් නගරයේ වීදිවල සැරිසන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

අලුයම තුනට පමණ අහමදාබාද් නගරයේ වීදිවල ඇවිදයන ගුර්බාස් වීදිවල නිදා සිටින අසරණ මිනිසුන්ට උපකාර කරන අයුරු එහි දැක්වෙනවා.

එහිදී ගුර්බාස් වීදි දෙපස නිදා සිටි අසරණ මිනිසුන්ට මුදල් ලබාදීමට කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ වීඩියෝව ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩා කරන කණ්ඩායමක් වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නිල එක්ස් ගිණුමේ මෙලෙස පළකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
1
+1
4
+1
4
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?