සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මීට ටික වේලාවකට පෙර කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා. කොම්පඤ්ඤවීදිය පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය, පැලන්වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදීයි. ඒ පාරිභෝගික සේවා අධිකාරිය විසින් මීට වසර දෙකකට පමණ පෙර රාජකාරියට බාධා කිරීමේ චෝදනා එල්ල කරමින් ඔහුට එරෙහිව ගොනුකළ නඩුවකට අදාලවයි.
අදාල නඩුව පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනට පසු දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිත තිබූ අතර පාස්කු ප්‍රහාරයත් සමඟ රටේ ඇති වූ තත්ත්වය හේතුවෙන් එය කල් දමා තිබෙනවා. කෙසේ වෙතත් මෙම නඩුවට පෙනී නොසිටීම නිසා අසේල සම්පත් සිට ඇත්තේ විවෘත්ත වරෙන්තු යටත්තේයි. කොම්පඤ්ඤවීදිය පොලිසිය අසේල සම්පත් අත්අඩංගුවට ගනු ලබනේ එම වරෙන්තුව ක්‍රියාත්මක කරමින්.














The sugar and coconut oil roughs are free from all accusations, But innocent people are always under arrest. “YAHAPALANAYA”