spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අස්වැසුමේ ප්‍රතිලාභ තුන් ගුණයකින් ඉහළට

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ධෛර්ය ලබාදීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය යටතේ රුපියල් බිලියන 30ක ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මේ වනවිට පාර්ලිමේන්තුවේ දී 2024 අයවැය ඉදිරිපත් කරමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

මීට අමතර ව අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභ තුන් ගුණයකින් ඉහළ දැමීමේ යෝජනාවක් ද ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී වැඩිහිටි දීමනාව රුපියල් 2,000 සිට රුපියල් 3,000 දක්වා වැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

වැන්දඹු සහ අනත් දරු විශ්‍රාම වැටුපට දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය 8%ක් දක්වා වැඩි කිරීමට ද මෙමගින් යෝජනා වී තිබෙනවා.

රජයේ සේවකයින්ට ආපදා සහන ණය පහසුකම් ලබාදීමට ද 2042 අයවැයෙන් යෝජනාවක් ලැබී තිබෙනවා.

විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයන් සඳහා ජීවන වියදම් දීමනාව රුපියල් 2500කින් වැඩි කරන බවයි ජනපති සඳහන් කළේ.

රජයේ සේවකයින්ට 2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව රුපියල් 10.000කින් වැඩි කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ආබාධිත, වකුගඩු දීමනාව රුපියල් 7,500ක් දක්වා වැඩි කිරීමටත්, මාස 6කට වරක් අස්වැසුම ප්‍රතිලාභීන් සමාලෝචනයකට ලක් කිරීමට ද නව අයවැයෙන් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?