අස්වැසුමෙන් අසාධාරණයට ලක් වූ පිරිස් ගැන සොයන්න කමිටුවක්

අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක් වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.

අමාත්‍ය විජිත හේරත්ගේ උපදෙස් මතයි මෙම විශේෂඥ කමිටුව පත්කර ඇත්තේ.

දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් කළ කරුණු විමසීමේ දී පැවති ගැටලුකාරී තත්ත්වයන හඳුනාගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

සමෘද්ධිලාභීන් ලෙස ප්‍රතිලාභ ලබමින් සිටි අස්වැසුම ප්‍රතිලාභ අහිමි වූ පුද්ගලයින් පිළිබඳව මෙම කමිටුව මඟින් සොයා බැලෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්