අස්වැසුමට යළි අයැදුම්පත්‍ර කැඳවීම 15 වැනිදා සිට

අස්වැසුම සඳහා පෙබරවාරි 15 වනදා දින සිට මාසයක කාලයක් පුරා නැවත අයදුම්පත්‍ර කැඳවීම සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකා රජය සහ සංවර්ධන සඳහා වූ ප්‍රංශ නියෝජිත ආයතනය මූල්‍ය දායකත්වයෙන් ආරම්භ කරන ලද දක්ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ රාජ්‍ය අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රටේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කර තිබුණද අත්‍යවශ්‍ය ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මේ සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමට රජය කටයුතු කරන බවයි.

මහා භාණ්ඩාගාරය සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන අනුරාධපුර දක්ෂිණ ප්‍රවාහන මධ්‍යස්ථානය සංවර්ධන කටයුතු අවසන් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය මගින් රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර තිබෙනවා.

බස් රථවල ගමන් කරන මගීන්ට මෙන්ම දුම්රිය ප්‍රවාහනය සඳහා යොමු වන මගීන්ටද පහසුකම් සලසාදීම වෙනුවෙන් එම දුම්රිය සහ බස්රථ ප්‍රවාහන සේවා ඒකාබද්ධ කිරීමේ මෙම ව්‍යාපෘතිය මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීම රජයේ අරමුණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44