අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනු නායක ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමි තේරී පත්වෙයි

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ධර්මාචාර්ය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන තේරීපත්ව තිබෙනවා.

අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික පොහොයගේ හිදී අද (28) පස්වරුවේ පැවති නිලවරණයේ දී මෙම තෝරා පත්කර ගැනීම සිදුකෙරුණා.

ඒ, අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන්.

මෙම නිලවරණයේ දී අස්ගිරි කාරක මහා සංඝ සභාවේ හිමිවරුන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියා.

මෙම ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ධර්මාචාර්ය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් සහ ඓතිහාසික මහියංගණය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමට දැහැත් ලබාදී තිබුණා.

පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ අපවත්වීමත් සමඟ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධුරය පුරප්පාඩුව පැවතියා.