අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනු නායක ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමි තේරී පත්වෙයි

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ධර්මාචාර්ය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන තේරීපත්ව තිබෙනවා.

අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික පොහොයගේ හිදී අද (28) පස්වරුවේ පැවති නිලවරණයේ දී මෙම තෝරා පත්කර ගැනීම සිදුකෙරුණා.

ඒ, අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන්.

මෙම නිලවරණයේ දී අස්ගිරි කාරක මහා සංඝ සභාවේ හිමිවරුන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියා.

මෙම ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ධර්මාචාර්ය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් සහ ඓතිහාසික මහියංගණය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමට දැහැත් ලබාදී තිබුණා.

පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ අපවත්වීමත් සමඟ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධුරය පුරප්පාඩුව පැවතියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
00:00
Video thumbnail
සිරගතකළ නාමල් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතාව
09:31
Video thumbnail
2029 එකෝ මන් ජනපති - එකෝ අනුර ජනපති ?සීලරතන හිමියි - ජනපතියි ග#න්න යන මැච් එක ?
01:29
Video thumbnail
නාමල්ව ඉස්සරහා තියාගෙනම රෝහිත ආණ්ඩුවට සැරටම කියයි
05:59
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා - "මුන් යකෝ.."තව ටිකෙන් වැදෙනවා ?
01:20
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයට විපක්ෂ නායකතුමාත් යයි
04:55
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවුඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04