අසල්වැසි රටවලට පැනයන යුක්‍රේන වැසියන්

රුසියානු ප්‍රහාර හමුවේ දහස් ගණනක යුක්‍රේන වැසියන් මධ්‍යම යුරෝපීය රටවල් වෙත සංක්‍රමණයවීම ආරම්භවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු පෝලන්තයේ මෙඩිකා හි දේශසීමා හරස් මාර්ගයට යුක්‍රේන ජාතිකයින් විශාල පිරිසක් රැස්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මධ්‍යම යුරෝපීය රටවල් වෙත ඇතුළු වන සියලු දේශසීමා ආසන්නයේ දිගු රථවාහන පෝලිම් දක්නට ලැබෙන අතර පාගමනින් විශාල පිරිසක් එම ස්ථාන වෙත පැමිණ සිටී.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් ප්‍රකාශ කර ඇත්තේ යුක්‍රේන වැසියන් සිය රටට පිළිගැනීමට සහ මානුෂීය ආධාර ලබාදීමට ද සිය රජය සුදානම් බවය.

සෙසු මධ්‍යම යුරෝපීය රටවල් කිහිපයක් ද යුක්‍රේන ජනතාවට ආධාර ලබාදීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර, රුසියන් හමුදා යුක්‍රේනයේ කොනොටොප් නගරයට ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් එරට අගනගරය වන කියුව් නගරය දෙසට රුසියානු හමුදා ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

රුසියානු හමුදාවන්ට අද පෙරවරුවේ කියුව් නගරයට ආසන්න විය හැකි බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසා තිබේ.

එම නගරයේ සිටින ජාත්‍යන්තර මාධ්‍යවේදීන් වාර්තා කරන්නේ මේ වනවිට කියුව් නගරයේ පිපිරීම් හඬවල් වාර්තා වන බවය.

මේ අතර යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

රුසියාවේ ප්‍රධාන ඉලක්කය තමන් සහ තමාගේ පවුලේ අය ඝාතනය කිරීම බව ඔහු පවසයි. 

එමගින් තම රට අස්ථාවර කිරීමට රුසියාවේ බලාපොරොත්තු වන බව සෙලෙන්ස්කි පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46