spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අසල්වැසි රටවලට පැනයන යුක්‍රේන වැසියන්

රුසියානු ප්‍රහාර හමුවේ දහස් ගණනක යුක්‍රේන වැසියන් මධ්‍යම යුරෝපීය රටවල් වෙත සංක්‍රමණයවීම ආරම්භවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු පෝලන්තයේ මෙඩිකා හි දේශසීමා හරස් මාර්ගයට යුක්‍රේන ජාතිකයින් විශාල පිරිසක් රැස්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මධ්‍යම යුරෝපීය රටවල් වෙත ඇතුළු වන සියලු දේශසීමා ආසන්නයේ දිගු රථවාහන පෝලිම් දක්නට ලැබෙන අතර පාගමනින් විශාල පිරිසක් එම ස්ථාන වෙත පැමිණ සිටී.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් ප්‍රකාශ කර ඇත්තේ යුක්‍රේන වැසියන් සිය රටට පිළිගැනීමට සහ මානුෂීය ආධාර ලබාදීමට ද සිය රජය සුදානම් බවය.

සෙසු මධ්‍යම යුරෝපීය රටවල් කිහිපයක් ද යුක්‍රේන ජනතාවට ආධාර ලබාදීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර, රුසියන් හමුදා යුක්‍රේනයේ කොනොටොප් නගරයට ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් එරට අගනගරය වන කියුව් නගරය දෙසට රුසියානු හමුදා ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

රුසියානු හමුදාවන්ට අද පෙරවරුවේ කියුව් නගරයට ආසන්න විය හැකි බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසා තිබේ.

එම නගරයේ සිටින ජාත්‍යන්තර මාධ්‍යවේදීන් වාර්තා කරන්නේ මේ වනවිට කියුව් නගරයේ පිපිරීම් හඬවල් වාර්තා වන බවය.

මේ අතර යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

රුසියාවේ ප්‍රධාන ඉලක්කය තමන් සහ තමාගේ පවුලේ අය ඝාතනය කිරීම බව ඔහු පවසයි. 

එමගින් තම රට අස්ථාවර කිරීමට රුසියාවේ බලාපොරොත්තු වන බව සෙලෙන්ස්කි පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?