spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අසල්වැසි ඉන්දියාවේ සිදුවූ දැවැන්ත අනතුර

ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රාන්තයේ පිහිටි වේල්ලක් මතට අයිස් කන්දක් කඩා වැටීමෙන් පසුව ඇතිවූ ජලගැල්මකින් පුද්ගලයින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව හෝ අතුරුදන් වී සිටිති.වේල්ල බිඳී යාමෙන් පසු විශාල ජල කඳක් පහත් බිම් යට කරගෙන් යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.මෙම අනතුර හේතුවෙන් පහත් බිම්වල පිහිටි ගම්මානවල වෙසෙන්නන් ඉන් ඉවත් කිරීමට පියවර ගෙන ඇතත් ජල ගැලීම්වලින් පුද්ගලයින් 150 දෙනෙකු පමණ පීඩාවට පත්ව ඇතැයි බලධාරීහු පවසති.

පොලිසිය පවසන්නේ, මේ වන විට පුද්ගලයින් 150 දෙනෙකු පමණ අතුරුදන්ව සිටින බවය.මේ අතර, තවත් පුද්ගලයින් 16 දෙනෙකු පමණ උමං මාර්ගයක සිරවී සිටින බව ද පොලිසිය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?