අසල්වාසී දේශය තුළ ගෙවුණු පැය 24 තුළ කොවිඩ් මරණ 5ක් – ආසාදිතයින් 4000 පනියි

ඉන්දියාව තුළ ගෙවුණු පැය 24 තුළ නව කොරෝනා වෛරස ආසාදිතයින් 4000 සීමාව පසුකර තිබෙනවා.

NDTV පුවත් සේවයේ වාර්තා පෙන්වා දෙන්නේ, එම 24 පැය තුළ කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති බවත්, සක්‍රීය රෝගීන් 4026ක් සිටින බවයි.

ඉන්දීය මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ දත්ත වාර්තා අනුව කේරළය මේ වනවිට කොරෝනා යළි හිස එසවීමේ ඉහළම ප්‍රවණතාව අත්පත් කරගෙන තිබෙනවා.

ඉන් අනතුරුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහාරාෂ්ට්‍ර, ගුජරාට් සහ දිල්ලි යන ප්‍රාන්තවලයි.

මේ වසරේ ජනවාරි මාසයේ සිට රට තුළ කොවිඩ් මරණ 37 ක් වාර්තා වී තිබෙනවා.

මැයි 22 වන දින රට තුළ සක්‍රීය රෝගීන් 257 ක් සිටි අතර මැයි 31 වන විට එම සංඛ්‍යාව 3,395 දක්වා සහ පසුව රෝගීන් 4,026 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට කේරළයේ සක්‍රීය රෝගීන් 1,446 ක් සිටින බවයි NDTV පුවත් පෙන්වාදෙන්නේ.

පසුව මහාරාෂ්ට්‍රයෙන් ආසාදිතයින් 494 ක්, ගුජරාටයෙන් 397ක් සහ දිල්ලියෙන් රෝගීන් 393ක් වාර්තා වී තිබෙනවා.

කේරළය, තමිල්නාඩුව සහ බටහිර බෙංගාලයේ එක් අයෙකු බැගින් සහ මහාරාෂ්ට ප්‍රාන්තයේ දෙදෙනකු වෛරසය ආසාදිත ව මියගිය අතර වනවා.

මූලාශ්‍රය – NDTV



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39