spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අසලංකගෙන් සහ ධනංජය ගෙන් අර්ධ ශතක

ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදී අර්ධ ශතක දෙකක් ලබාගැනීමට චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා සමත්වුණා.

චරිත් අසලංක තම 7 වන අර්ධ ශතකය අද ලබාගත්තේ පන්දු 57කට මුහුණ දෙමින්.

හතරේ පහර 8ක් ද ඔහුගේ අර්ධ ශතකයට ඇතුලත්. මෙම තරගයේදී ධනංජය ද සිල්වා ද අර්ධ ශතකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

ඔහු අද ලබාගත්තේ තම 10 වන අර්ධ ශතකයයි. ඒ පන්දු 56කින් ලබාගත් මෙම ලකුණු 50ට හතරේ පහර 5ක් ඇතුලත් වුණා.

ධනංජය ද සිල්වා අද දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 51ක්.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 186ක් ලබා සිටිනවා.

චරිත් අසලංක සමගින් නායක දසුන් ශානක පන්දුවට පහරදෙමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?