අසලංකගෙන් සහ ධනංජය ගෙන් අර්ධ ශතක

ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදී අර්ධ ශතක දෙකක් ලබාගැනීමට චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා සමත්වුණා.

චරිත් අසලංක තම 7 වන අර්ධ ශතකය අද ලබාගත්තේ පන්දු 57කට මුහුණ දෙමින්.

හතරේ පහර 8ක් ද ඔහුගේ අර්ධ ශතකයට ඇතුලත්. මෙම තරගයේදී ධනංජය ද සිල්වා ද අර්ධ ශතකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

ඔහු අද ලබාගත්තේ තම 10 වන අර්ධ ශතකයයි. ඒ පන්දු 56කින් ලබාගත් මෙම ලකුණු 50ට හතරේ පහර 5ක් ඇතුලත් වුණා.

ධනංජය ද සිල්වා අද දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 51ක්.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 186ක් ලබා සිටිනවා.

චරිත් අසලංක සමගින් නායක දසුන් ශානක පන්දුවට පහරදෙමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32