අසනීප තත්ත්වයක් හේතුවෙන් ඥානසාර හිමියන් රෝහල් ගත කරයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පවසනවා.

ඥානසාර හිමියන් බන්ධනාගාර ගතවීමට පෙර සිටම අසනීප තත්ත්වයෙන් පසුවු බවත්, එම තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා මෙලෙස බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇති බවත් සද්ධාතිස්ස හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම, ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණයෙන් ලබාදී ඇති දඬුවමට එරෙහිව මේ වනවිටත් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවද පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ප්‍රකාශ කළා.