අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

අද (18) බ්‍රිස්බේන් හි දී බෝඩර් ගවස්කාර් ටෙස්ට් කුසලානයේ තෙවැනි ටෙස්ට් තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් කෙරුණු අතර; ඉන් අනතුරුවයි අශ්වින් මේ බව දැනුම්දී ඇත්තේ.

අශ්වින් මෙම ටෙස්ට් තරගාවලියේ දී ද ක්‍රීඩා කළේ ටෙස්ට් තරග 03න් එකක් පමණයි.

එහිදී ඔහු ලකුණු 53කට එක් කඩුල්ලක් දවා ගත්තා.

ඒ අනුව අශ්වින් සිව්වැනි සහ පස්වැනි ටෙස්ට් තරග සඳහා එක් නොවන බවත් වාර්තා වනවා.

අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් පසු හෙට (19) දිනයේ දී ම තම මව්බිම බලා පිටත්ව යාමට නියමිත බවයි ක්‍රීඩා ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

බ්‍රිස්බේන් ටෙස්ට් තරගයෙන් පසු මාධ්‍ය හමුවක දී අශ්වින් පැවසුවේ “ජාත්‍යන්තර මට්ටමේ සියලුම ආකෘතින් හි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මෙය මගේ අවසාන දිනය වනු ඇත. මම ගොඩක් විනෝද වුණා. මම රෝහිත් ෂර්මා සහ මගේ අනෙකුත් කණ්ඩායමේ සගයන් කිහිප දෙනෙකු සමඟ එක්ව බොහෝ මතකයන් නිර්මාණය කර ඇති බව පැවසිය යුතුයි. පැහැදිලිවම ස්තුති කරන්න ගොඩක් අය ඉන්නවා, නමුත් මම BCCI සහ සෙසු කණ්ඩායමේ සගයන්ට ස්තුති නොකළේ නම් මම මගේ රාජකාරිය පැහැර හරිනවා. ඔවුන්ගෙන් කිහිප දෙනෙක්. මට ඔවුන්ගෙන් කිහිප දෙනෙකු නම් කිරීමට අවශ්‍යයි. සියලුම පුහුණුකරුවන් වඩාත්ම වැදගත් දෙය නම්, මා යොමු කළ පන්දු පිතිකරුවන් එල්ල කරන ලද ප්‍රහාරවලින් විශිෂ්ට අයුරින් රැකගත් ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් අතර රෝහිත්, විරාත් කෝලි, අජින්ක්‍යා රහානේ, චේතස්වර් පුජාරා සිටිනවා. ඉතිං වසර ගණනාවක් පුරා මම ලබා ගැනීමට සමත් වූ කඩුලු සංඛ්‍යාව ලබාගත්තේ මං ඔවුන්ට පිං සිදුවෙන්න..” යනුවෙන්.

අශ්වින් ටෙස්ට් තරග 106ක දී කඩුලු 537ක් බිඳ හෙලා තිබෙන අතර එක්දින තර 116ක දී බිඳ හෙලා ඇති කඩුලු ගණන 156ක්.

පන්දුවාර 20 තරග 65ක දී කඩුලු 72ක් අශ්වින් නමින් ලියැවී තිබෙනවා.

ටෙස්ට් තරගයක දී අශ්වින්ගේ හොඳම පන්දු යැවීම සටහන් ව ඇත්තේ ලකුණු 59කට කඩුලු 07ක් ලෙසයි.

එක්දින කඩුලු බිඳ දැමීමේ දී ලකුණු 25කට කඩුලු 04ක් සහ පන්දුවාර 20 තරගයක දී ලකුණු 08කට කඩුලු 04ක් බිඳ දැමීම අශ්වින්ගේ වාර්තා අතරට එක් වනවා.

අශ්වින් ටෙස්ට් පිතිකරුවෙකු ලෙස ද හොඳ ඉනිම් ක්‍රීඩා කර ඇති අතර ඔහුගේ විශිෂ්ටතම ටෙස්ට් ලකුණු වන්නේ ලකුණු 124ක්.

එක්දින තරගයක දී අශ්වින් ලකුණු 65ක් ලබා ගෙන ඇත්තේ තම විශිෂ්ටතම එක්දින ඉනිම එය බවට පත් කරගනිමින්.

රවිචන්ද්‍රන් අශ්වින් වාර 11ක දී ටෙස්ට් තරගාවලියක වීරයා සම්මානයෙන් පිදුම් ලැබූවෙක්.

2011 වර්ෂයේ දී නවදිල්ලියේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ජාත්‍යන්තර මංගල ටෙස්ට් වරම් දිනූ අශ්වින් එක්දින වරම් හිමිකරගත්තේ 2010 ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව හරාරේ නුවරදියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25