අවුරුදු 80ට වැඩි පුද්ගලයින් ගැන ප්‍රංශ රජය ගත් තීරණය

අවුරුදු 80ට වැඩි පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන සිව්වන එන්නත් මාත්‍රාව ලබා දීමට ප්‍රංශ රජය තීරණය කර තිබේ.

ප්‍රංශ අග්‍රාමාත්‍ය ජෙන් කැස්ටෙක්ස් විසින් ඊයේ (12) දිනයේ දී අදාළ ප්‍රකාශය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව, කොවිඩ් එන්නත් තෙවන මාත්‍රාව ලබාගෙන මාස 03 සම්පූර්ණ වන අවුරුදු 80ට වැඩි පුද්ගලයින් සඳහා සිව්වන මාත්‍රාව ලබා දීමට නියමිතය.

මේ වන විට ප්‍රංශය තුළ කොවිඩ් සීමාවන් ලිහිල් කර ඇති අතර පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳීම තවදුරටත් අනිවාර්ය කර තිබේ.